චිනය සමග සබඳතා වර්ධනය කරන බව මාලදිවයින් නව ජනාධිපතිවරයා පවසයි
2023-11-18 21:00:22
Share with:

මාලදිවයිනේ නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත Shen Yiqin මහත්මිය මහත්මිය එක් වේ.

එම දිවුරුම්‍දීමේ උත්සවය 17 වෙනිදා මාලේ නුවරදී පැවැත්විණ. අද (18) මාලිදිවයිනේ නව ජනාධිපති Mohamed Muizzu මහතා ජනපති මන්දිරයේදී Shen Yiqin මහත්මිය හමු විය. එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙනුවෙන් Mohamed Muizzu මහතා වෙත සුබ පැතුම් පිරිනමින් Shen Yiqin මහත්මිය  කියා සිටියේ මාලදිවයින සමග ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉදිරියට ගෙන යාමට චීනය කැමති බවයි. මාලදිවයින් ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතවරිය සිය දිවුරුම් දීමේ උත්සවයට එක්වීම පිළිබඳ ස්තුතිය පළ කළේ ය. එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය සමග විවිධ ක්ෂේත්‍රවල පවතින සහයෝගිතා තවදුරටත් වර්ධනය කිරීමට මාලදිවයින කැමැත්තෙන් සිටින බව Mohamed Muizzu මහතා ප්‍රකාශ කළේ ය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම