චීන මාධ්‍ය සමූහය හා හොන්ඩියු‍රාස් රාජ්‍යයේ රූපවාහිනී නාළිකා අතර සහයෝගතාවන් ඇරඹේ
2023-11-18 16:59:47
Share with:

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන ලද විශිෂ්ට වැඩසටහන්, චිත්‍රපට හා රූපවාහිනී නාට්‍ය නිර්මාණ ප්‍රවර්ධන උත්සවය හොන්ඩියුරාස් ජනරජයේ Tegucigalpa අගනුවරදී ඊයේ(17) පැවැත්විණ. හොන්ඩියුරාස්හී චීන තානාපති Yu Bo මහතා, හොන්ඩියුරාස් ජාතික විදුලි සන්දේශ කමිටුවේ සභාපතිවරයා, හොන්ඩියුරාස් චීන මාධ්‍ය සමූහයේ ශාඛාවේ අධ්‍යක්ෂ Zhu Boying මහතා හා හොන්ඩියුරාස් මාධ්‍ය ප්‍රධානීහූ ඊට සහභාගි වූහ.

හොන්ඩියුරාස් ජනාධිපතිනී Xiomara Castro මහත්මිය පසුගිය ජූනි මස චීනයේ සිදුකළ සංචාරයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ඇමති චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා හා හොන්ඩියුරාස් විදේශ ඇමති Eduardo Enrique Reina García මහතා බෙයිජිංහිදී චීන මාධ්‍ය සමූහය හා හොන්ඩියුරාස් විදුලි සංදේශ කමිටුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ. මෙවර උත්සවය එම ගිවිසුම ක්‍රියාවට නැංවීමේ පියවරකි.

චීන තානාපතිවරයා හා හොන්ඩියුරාස් විදුලි සංදේශ කමිටුවේ සභාපතිවරයා වෙන් වෙන් ව දේශන සිදු කරමින් පැවසුවේ ද්විපාර්ශ්වික මාධ්‍ය හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කිරීමෙන් දෙරටේ ජනතාව අතර අවබෝධය හා අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කළ හැකි බවයි.

වර්තමානයේ චීන මාධ්‍ය සමූහයේ චීන භාෂා, ඉංග්‍රීසි භාෂා හා ස්පඤ්ඤ භාෂා නාලිකා හොංන්ඩියුරාස් ප්‍රධාන රූපවාහිනි සේවාවල විකාශය කෙරේ. එම උත්සවයේදී චීන මාධ්‍ය සමූහය හා හොන්ඩියුරාස් විශාලතම කේබල් රූපවාහිනී සේවය වැඩසටහන් විකාශය කිරීමේ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබමින් චීන චිත්‍රපට හා රූපවාහිනී නාට්‍ය නිර්මාණ හොන්ඩියුරාස් හී ප්‍රදර්ශනය කිරීමේ ක්‍රියාකාරකම ආරම්භ කළේය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම