ගාසා උතුරු කලාපයේ සියලුම රෝහල්වල වෛද්‍ය සේවා අත්හිටු වේ
2023-11-17 10:54:24
Share with:


ගාසා තීරයේ සන්නිවේදන හා අන්තර්ජාල සේවාවන්ට යළි බාධා එල්ලවී ඇති අතර උතුරු කලාපයේ සියලුම රෝහල්වල වෛද්‍ය සේවා ද අත්හිටුවා තිබේ .

මෙවර පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ දළ වශයෙන් පුද්ගලයන් 11,500 දෙනෙක් මියගොස් ඇති අතර ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරේ මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 196 දෙනෙකි. එරට වේලාවෙන් 16වැනිදා පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කළේ ය.  ඊශ්‍රායලය නිකුත් කළ දත්තවලට අනුව ඊශ්‍රායලයේ මියගොස් ඇති සංඛ්‍යාව ආසන්න වශයෙන් 1200 කි.

ඉන්ධන අවසන් වීම සහ ඉන්ධන සැපයීම සඳහා ප්‍රවේශවීමට නොහැකි වීම හේතුවෙන් ගාසා තීරයේ අන්තර්ජාල සහ සන්නිවේදන සේවා සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව පලස්තීන විදුලි සංදේශ සමාගම සිය සමාජ වේදිකාව ඔස්සේ  නිවේදනය කළේ ය.

මේ අතර, පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය එරට වේලාවෙන් 16 වැනිදා සවස නිවේදනය කළේ ගාසා නගරයේ සහ උතුරු ගාසා තීරයේ සියලුම රෝහල්  එදින රාත්‍රියේ සිට සේවා අත්හිටුවා ඇති බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම