සැන් ෆ්‍රැන්සිස්කෝ දැක්ම යථාර්ථයක් බවට පත්විය යුතුය
2023-11-17 20:42:22
Share with:

ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ආසන්නයේ පිහිටි ෆිලෝලි වතුයාය පසුගිය දිනවල ගෝලීය අවධානයට ලක් ව තිබේ. චීන- ඇමරිකා රාජ්‍ය නායක දෙපළ මෙහිදී හමු වූ අතර, දෙපාර්ශ්වය දේශපාලන, රාජ්‍යතාන්ත්‍රික, සංස්කෘතික හුවමාරු, ගෝලීය පාලනය හා හමුදා ආරක්ෂාව යනාදී ක්ෂේත්‍රවල 20 කට වැඩි සම්මුතිවලට එළඹිණ. දෙරට අනාගත දිශාව පිළිබඳ සැන් ෆ්රැන්සිස්කෝ දර්ශනය මෙහි දී ස්ථාපනය වී තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර ඇමරිකාවට පැමිණියේ වසර 6 කට පසුව යි. එසේම වසරකට පසු දෙරට රාජ්‍ය නායකයන් මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව ද මෙය වේ. පසුගිය වසර පුරා, ඇමරිකාව බාලි සම්මුතියෙන් බැහැර වීම නිසා චීන-ඇමරිකා සබඳතා අර්බුදයට ලක්විය. ඒකාබද්ධ ප්‍රයත්න ඔස්සේ දෙරට "බාලි වෙත ආපසු ගොස් සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත පැමිණීම" සඳහා කොන්දේසි නිර්මාණය කර ඇත.

මානව සන්නිවේදනයේ මූලධර්ම ගරු කරන රටවල් සම්බන්ධ වීමේ ක්‍රමවේද පවතී. අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාව මේ අතර ප්‍රමුඛ වේ. පසුගිය වසර 50 තුළ චීන-ඇමරිකා සබඳතා වර්ධනය කිරීමේ පදනම ද මෙය වූ අතර, දෙරටේ ඒකාබද්ධ ප්‍රයත්නවල දිශාව ද එය ම විය යුතුය. මෙම හමුවේ දී චීන ජනාධිපතිවරයා යළිත් වරක් චීනය සහ ඇමරිකාව සුහදව කටයුතු කළ යුතු නිවැරදි මාර්ගය අවධාරණය කළ අතර, දෙරට සඳහා නව දැක්මක් ද යෝජනා කළේය.

"සැන් ෆ්‍රැන්සිස්කෝ දැක්ම" යනු එයයි. ඒ අනුව, දෙපාර්ශ්වයම එකිනෙකා කෙරෙහි නිවැරදි අවබෝධයක් ඇති කර ගත යුතු අතර, වෙනස්කම් ඵලදායී ලෙස එක් ව කළමනාකරණය කළ යුතුය. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතුය. ප්‍රධාන රටක වගකීම්වලට ඒකාබද්ධව උරදිය යුතුය. එසේම, මානව සංස්කෘතික හුවමාරුව ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතුය.

සැන් ෆ්‍රැන්සිස්කෝ හමුව චීන-ඇමරිකා සබඳතා ස්ථාවර කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත් විය යුතු වේ. ඇමරිකාව බාලි සම්මුතියෙන් බැහැරවීමෙන් හටගත් අර්බුදය පිළිබඳ පාඩම උගෙන, රාජ්‍ය නායකයන් දෙදෙනා එළඹුණු වැදගත් සම්මුතීන් හෘද සාක්ෂියට එකඟව ක්‍රියාත්මක කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. සැන් ෆ්‍රැන්සිස්කෝ දැක්ම එවිට යථාර්ථයක් බවට පත්වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම