චීන ජනාධිපතිවරයා හා ජපාන අගමැතිවරයා අතර හමුවක්
2023-11-17 09:48:37
Share with:

ඇමරිකා වේලාවෙන් නොවැම්බර් 16 වැනිදා පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවේ San Francisco හිදී ජපාන අගමැති Fumio Kishida මහතා හමු විය.

චීනය සහ ජපානය අතර සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ 45 වැනි සංවත්සරය මෙම වසරට යෙදේ. මෙම ගිවිසුම මගින් චීනය සහ ජපානය අතර සාමය,මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ දිශානතිය නෛතික ස්වරූපයෙන් ස්ථාපිත කෙරුණු අතර,අධිපතිවාදයට එරෙහිවීම ඉන් අවධාරණය කරන ලද අතර ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට එය පත්විය.

පසුගිය වසර 45 තුළ,එම ගිවිසුම ඇතුළුව චීනය සහ ජපානය අතර දේශපාලන ලියවිලි හතරේ මඟ පෙන්වීම යටතේ, දෙරට අතර සබඳතා කැපී‍ පෙනෙන ලෙස වෙනස් වූ අතර සාමාන්‍ය සංවර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකිවිය. එය දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දී ඇති අතර කලාපීය සාමය, සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ද ඉටු කර ඇත.

වර්තමානයේ ජාත්‍යන්තර තත්ත්වය සංකීර්ණ වෙමින් අවදානම් සහ අභියෝග එකින් එක මතුවෙමින් තිබේ. සාමකාමී සහජීවනය,පාරම්පරික මිත්‍රත්වය, අන්‍යෝන්‍ය යහපත හා සහයෝගීතාව සහ පොදු සංවර්ධනය චීන සහ ජපාන ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන නිවැරදි දිශාවයි. දෙපාර්ශ්වයම ඉතිහාසයේ සාමාන්‍ය ප්‍රවණතාව ග්‍රහණය කර ගනිමින්, කාලයේ ප්‍රවණතාව අනුගමනය කළ යුතුය. පොදු අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් වෙනස්කම් නිසි ලෙස හැසිරවිය යුතු අතර, චීනය සහ ජපානය අතර දේශපාලන  ලියවිලි හතරේ දක්වා ඇති මූලධර්මවලට අනුකූලව කටයුතු කළ යුතු බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එසේම, දෙපාර්ශ්වය උපායමාර්ගික අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාව ස්ථානගත කිරීම යළි තහවුරු කර එයට නව අර්ථයක් ලබා දිය යුතු බවත්, නව යුගයේ අවශ්‍යතා සපුරාලන චීන-ජපන් සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කළ යුතු බවත් හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම