ඇමරිකාව චීන මහජන ආරක්‍ෂක අමාත්‍යංශය සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක ඉවත් කරයි
2023-11-17 11:21:14
Share with:

චීන මහජන ආරක්‍ෂක අමාත්‍යංශය සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක ඉවත් කරන බව ඇමරිකානු රජය ප්‍රකාශ කරයි.

ඊයේ (16) සිදු කෙරුණු එම ප්‍රකාශයට අනුව, ඇමරිකාව චීන මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (ජාතික මත්ද්‍රව්‍ය රසායනාගාරයේ ලිපිනය ඇතුළුව) “ආයතනික ලැයිස්තුවෙන්” ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එදින සිටම එය බලපැවැත්වේ.

2020 මැයි මාසයේදී, ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (ජාතික මත්ද්‍රව්‍ය රසායනාගාරයේ ලිපිනය ඇතුළුව) “ආයතනික ලැයිස්තුවට” ඇතුළත් කරන ලදි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම