සැන් ෆ්රැන්සිස්කෝ හමුව චීන-ඇමරිකා සබඳතාවේ නව ආරම්භයක් විය යුතුයි
2023-11-17 09:09:21
Share with:

චීනය සහ ඇමරිකාව එකිනෙකාට ගරු කරන හවුල්කරුවන් ලෙසට සාමකාමීව සිටිනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. පසුගිය 15 වැනිදා පැවති දෙරටේ නායකයන්ගේ හමුවීම දෙරටේ සබඳතාව හා ලෝක තත්ත්වය ස්ථාවර කිරීම සඳහා චීනය ගත් වැදගත් උපායමාර්ගික තේරීමකි. අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය යන මූලධර්ම තුන චීන-ඇමරිකානු සබඳතාවේ ‍මූලිකම පදනම බව ඇමරිකානු ආර්ථික විද්‍යාඥ Jeffrey Sachs මහතා පවසා ඇත. භූ දේශපාලනික අර්බුදය විසඳීම, ලෝක සාමය ආරක්ෂා කිරීම, දරිද්‍රතාවය තුරන් කිරීම සහ තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා දෙරට එක්ව කැපවනු ඇති බව හෙතෙම අපේක්ෂා කරයි.

ඇතැම් උපායමාර්ගික කරුණු පිළිබඳව දෙර‍ට අතර තවමත් මතභේද පවතී. කෙසේ වෙතත්, එම මතභේද ඵලදායී ලෙස පාලනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එම හමුවේදී අවධාරණය කළේය. දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධිය, මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරුව ඇතුළු කරුණු සම්බන්ධයෙන් මේ දිනවල දෙරටේ වැදගත් එකඟතාවලට එළඹ ඇත.

ස්ථාවර චීන-ඇමරිකානු සබඳතාවක් වෙනුවෙන් දෙපාර්ශ්වයේම කැපවීම අත්‍යවශ්‍යය. සංවාදය සහ සන්නිවේදනය, විශ්වාසය, ගෞරවය හා සහයෝගීතාවයේ පදනමයි. බාලි සිට සැන් ෆ්රැන්සිස්කෝ දක්වා, චීන-ඇමරිකානු සබඳතාවේ ගමන පහසු නොවීය. සැන් ෆ්රැන්සිස්කෝ ගමානාන්තයක් ද නොවේ. දෙරටේ ජනතාව අතර දිගු කාලීන බැඳීමේ ඉතිහාසයට සාක්ෂි දෙන මෙම නගරය, චීන-ඇමරිකා සබඳතාව නැවත යථා තත්ත්වයට පත්වන ගමනක නව ආරම්භක ලක්ෂ්‍යයක් විය යුතුය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම