චීන ජනාධිපතිවරයා හා බෲනායි සුල්තාන්වරයා අතර හමුවක්
2023-11-17 09:23:40
Share with:

ඇමරිකා වේලාවෙන් නොවැම්බර් 16 වැනිදා පස්වරුවේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමෙරිකාවේ San Francisco හිදී බෲනායි සුල්තාන් Hassanal Bolkiah මහතා හමු විය.

අන්තර සාගරික අසල්වැසි මිත්‍රශීලී රටවල් වන චීනය සහ බෲනායි රාජ්‍යය, ඓතිහාසික මිතුදමක බැඳී ඇති එකිනෙකා කෙරෙහි විශ්වාසය සහිත සහයෝගී සුහද හවුල්කරුවන් ද වේ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා පසුගිය වසර 30 තුළ, දෙපාර්ශ්වයම දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් සංවර්ධන උපායමාර්ග සක්‍රීයව ක්‍රියාවට නංවා විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාවයේ ඵලදායි ප්‍රතිඵල අත්කරගැනීමට සමත්ව සිටී. චීනය සහ බෲනායි රාජ්‍යය ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී ලොකු කුඩා රටවල සම්බන්ධතාවයේ සමානව සැලකීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණය පිළිබඳ ආදර්ශයක් බිහි කර තිබේ. එය කලාපීය සාමය, ස්ථාවරත්වය මෙන්ම සංවර්ධනය හා සමෘද්ධිය වෙනුවෙන් ධනාත්මක දායකත්වයකි.

අනාගතය දෙස සැලකීමේ දී, ද්විපාර්ශ්වික සබඳතාව ඉදිරියට ගෙන යමින්, උසස් මට්ටමෙන් "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධව ගොඩනැගීමේ දී සහයෝගීතාවන් ප්‍රවර්ධනය කරමින් දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන දීමට චීනය බෲනායි රාජ්‍යය සමඟ එක්ව දායකත්වය දැරීමට කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම