ඇමරිකා සිසු සිසුවියන්ගෙන් චීන ජනපති ආර්යාවට උපන් දින සුබ පැතුම්
2023-11-17 15:38:43
Share with:

චීන මාධ්‍ය සමූහය සහ ඇමරිකා - චීන තරුණ ශිෂ්‍ය හුවමාරු සංගමය ඇතුළු සංවිධාන විසින් ඒකාබද්ධව "චීන-ඇමරිකා සංස්කෘතික හුවමාරු පිළිබඳ මිත්‍ර සංවාදය" ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී ඇමරිකා වේලාවෙන් 16 වැනිදා පැවැත්විණ.

Washington ජනපදයේ Tacoma නගරයේ Lincoln මධ්‍ය විද්‍යාලයේ සමූහ ගායන කණ්ඩායමේ සිසු සිසුවියන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා Peng Liyuan ආර්යාව වෙනුවෙන් මනා නිර්මාණශීලි ලෙසින් සැකසූ චිත්‍රයක්, උපන් දින සුභපැතුම් පතක් හා සමූහ ගීතයක් ඔස්සේ Peng Liyuan මහත්මිය වෙත උපන් දින සුභපැතුම් පිරිනැමූහ. Peng Liyuan මහත්මිය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එය පිළිගත්තේය.

2015 වසරේ සැප්තැම්බර් මස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා Peng Liyuan අර්යාව Lincoln මධ්‍ය විද්‍යාලයට ගිය අවස්ථාවේ චීනය පිළිබඳ පොත්, මේස පන්දු මේස හා අදාළ උපකරණ පරිත්‍යාග කර තිබේ. එහිදී ෂී ජින් පිං මහතා ඇතුළු පැමිණි පිරිස වෙනුවෙන් එම විද්‍යාලයේ ශිෂ්‍ය සමූහ ගායනා කණ්ඩායම විසින් චීන ගීතයක් හා ඉංග්‍රිසි ගීතයක් ගායනා කර තිබේ.

2008 වසරේ මැයි මස Lincoln මධ්‍ය විද්‍යාලය හා චීනයේ Fuzhou අධ්‍යාපන ආයතනයට අනුබද්ධ මධ්‍ය විද්‍යාලය මිත්‍ර පාසල් සබඳතාව ආරම්භ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම