චීන-මෙක්සිකානු ජනපතිවරුන් අතර හමුවක්
2023-11-17 02:08:34
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකාවේ වේලාවෙන් 16වැනිදා උදෑසන San Francisco හිදී මෙක්සිකානු ජනාධිපති Andrés Manuel López Obrador මහතා හමුවිය.

චීනය සහ මෙක්සිකෝව අතර මිත්‍රත්වය කාලයත් සමග ශක්තිමත් වී ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. චීනය සහ මෙක්සිකෝව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය පසුගිය වසරට යෙදී තිබිණ. එසේම මෙම වසර දෙරට අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයක් පිහිටුවීමේ 10 වැනි සංවත්සරයයි.

මෙක්සිකෝවේ ජාතික අනන්‍යතාවන්ට ගැළපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව අනුගමනය කිරීමට චීනය සහාය දක්වන බව, ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත. මෙක්සිකෝව සමග රාජ්‍ය සංවර්ධනය පිළිබඳ හුවමාරු සබඳතා ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂාවෙන් සිටී. මෙක්සිකෝ පාර්ශ්වය සමග, නව යුගයේ චීන-ලතින් ඇමරිකානු සබඳතාවල ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේ ය.

Andrés Manuel López Obrador මහතා එහිදී පෙන්වා දුන්නේ, මෙක්සිකෝවේ සහ චීනයේ ජනතාව සහෝදරයන් මෙන් එකිනෙකාට ආදරය කරන බවයි. මීට පෙර ඇති වූ වසංගත සහ මෑතකදී ඇති වූ සුළි කුණාටු ආදී විපත්වලදී, චීනය කඩිනමින් මෙක්සිකෝවට ආධාර ලබා දුන්නේය. ඒ වෙනුවෙන් මෙක්සිකෝව සිය කෘතඥතාව පළ කරයි. මෙක්සිකෝව සහ චීනය සිය ස්වාධීනත්වය ආරක්ෂා කරන අතර, අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම පිළිබඳ දැඩි ලෙස විරුද්ධ වේ. මෙක්සිකෝව සෑම විටම චීනය කෙරෙහි සිය මිත්‍රශීලී ප්‍රතිපත්තියට අනුගත වන අතර අන්‍යෝන්‍ය වශයෙන් ස්ථිර සහයෝගය අඛණ්ඩව දක්වනු ඇත. චීනය සමග, බහුපාර්ශ්වික කටයුතුවලදී සමීපව සහයෝගයෙන් කටයුතු කරමින්, ලතින් ඇමරිකානු-චීන සබඳතා සක්‍රීයව ප්‍රවර්ධනය කිරීමට, මෙක්සිකෝව කැමැත්තෙන් සිටින බව Andrés Manuel López Obrador මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම