චීන ජනාධිපතිවරයා ෆීජි අගමැතිවරයා හමුවෙයි
2023-11-17 03:31:01
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකාවේ වේලාවෙන් 16වැනිදා උදෑසන San Francisco හිදී ෆීජි අග්‍රාමාත්‍ය Sitiveni Rabuka මහතා හමුවිය.

පසුගිය අඩ සියවස තුළ, චීන-ෆීජි දෙපාර්ශ්වය අතර සම්බන්ධය ජාත්‍යන්තර වෙනස්වීම්වලට ඔරොත්තු දෙමින් වේගවත් සංවර්ධනයක් අත්කර ගෙන ඇති බව, ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. වසර ගණනාවක් පුරා චීනයේ මෙන්ම ලෝකයේ ද විශාල වෙනස්කම් සිදුවී ඇති නමුත්, ලොකු කුඩා සියලු රටවල් සඳහා සමානාත්මතාවය පිළිබඳ චීනයේ විදේශ ප්‍රතිපත්තිය කිසිවිටක වෙනස් වී නොමැති අතර ෆීජි ජනතාව කෙරෙහි චීන ජනතාවගේ මිත්‍රත්වය ද වෙනස් වී නොමැත. නව තත්ත්වය යටතේ, ෆීජි සමග පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය විධිමත් ලෙස සංවර්ධනය කිරීමට මෙන්ම, දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන දීමට, චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම