චීන-පේරු ජනපතිවරුන් අතර හමුවක්
2023-11-17 02:57:23
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකාවේ වේලාවෙන් 16වැනිදා උදෑසන San Francisco හිදී පේරු ජනාධිපතිනි Dina Boluarte මහත්මිය හමුවිය.

චීනය සහ පේරු ද්විපාර්ශ්වික සහයෝගීතාව ක්‍රමයෙන් වර්ධනය වී ඇත. චීනය පේරු හි විශාලතම වෙළඳ හවුල්කරු වන අතර, පේරු ලතින් ඇමරිකාවේ චීනයේ දෙවන විශාලතම ආයෝජන ගමනාන්තය බවට පත්වේ. "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ දී දෙරට අතර සහයෝගීතාවය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේ ය.

නව තත්ත්වය යටතේ චීන-පේරු සබඳතා හොඳින් වර්ධනය කර ගැනීම, දෙරටේ පොදු අවශ්‍යතා සහ දෙරටේ ජනතාවගේ පොදු අපේක්ෂාවන්ට ඉවහල් වේ. එසේම මෙය ආසියා පැසිෆික් ආර්ථිකයේ සුරක්ෂිත සහ ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගැනීමටත්, විවෘත ලෝක ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට ද ඉවහල් වනු ඇත. 2024 වසරේ APEC සංවිධාන නායකයන්ගේ නිල නොවන සමුළුව පේරු හි පැවැත්වීමට චීනය සහාය දැක්වීමට බලාපොරොත්තු වේ. පේරු රාජ්‍යය සමග, ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන සංවර්ධනය සඳහා මෙන්ම, පොදු ඉරණමක් සහිත ආසියා පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමටත්, දායකත්වයක් ලබා දීම සඳහා චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම