APEC ප්‍රධාන විධායක සමුළුවට චීන ජනපතිගෙන් ලිඛිත දේශනයක්
2023-11-17 04:50:49
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකා වේලාවෙන් 16වැනිදා උදෑසන සැන් ෆැන්සිස්කෝ හිදී APEC සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ  සමුළුවට ලිඛිත දේශනයක් ඉදිරිපත් කළේය. "ආසියා-පැසිෆික් කලාපය සඳහා නව පරිච්ඡේදයක් ලිවීමේ අරමු‍ණෙන් එකමුතුවෙන් අභියෝගවලට මුහුණ දීම" යන තේමාවෙන් එය ඉදිරිපත් කෙරිණ.

වසර 30 කට පෙර ආසියා පැසිෆික් කලාපයේ නායකයන් සාමය සහ සංවර්ධනය සඳහා වූ කාලීන ප්‍රවණතාව අනුගමනය කළ බවත් පළමු APEC සංවිධාන නායකයන්ගේ නිල නොවන සමුළුව ඒ අනුව පැවැති බවත් ෂී ජින් පිං මහතා පැවසීය. එය ආසියා පැසිෆික් කලාපයේ සංවර්ධනය සහ ආර්ථික ගෝලීයකරණය වේගවත් මාවතකට ප්‍රවර්ධනය කරන බවත්, ආසියා පැසිෆික් කලාපය ලෝක ආර්ථික වර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට සහ ගෝලීය සංවර්ධනයේ සහ ස්ථාවරත්වයේ නැංගුරම බවට පත් කිරීමට උපකාරී වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. පසුගිය වසර 30 තුළ,විවෘත කලාපීය ආකල්පයෙන්,විවෘතභාවය සහ ඉවසීම, එකිනෙකාගේ ශක්තීන්ගෙන් ඉගෙනීම, හුවමාරුව සහ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ස්වාධීන, ස්වේච්ඡා, සම්මුතිය මත පදනම් වූ සහ පියවරෙන් පියවර “APEC මාර්ගය”ද නිර්මාණය කර  ඇත. සමගියෙන් වෙනස්කම් වෙත ගරු කරමින් පොදු පදනමක් සෙවීමේ සහ එකිනෙකාට උපකාර කිරීමේ හවුල්කාරිත්වයේ ආත්මය ද ප්‍රවර්ධනය කර තිබේ. ආසියා පැසිෆික් සහයෝගීතාවයේ අසාමාන්‍ය ගමනෙන් ගැඹුරු හෙළිදරව් කිරීම් රාශියක් මතු කරන බව ෂී ජින් පිං මහතා පැවසීය.

ලෝකය කැළඹිලි අයුරෙන් පරිවර්තන වන නව කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇති බවත්, ඉදිරි වසර 30 තුළ ආසියා පැසිෆික් සහයෝගීතාවයේ දිශාව කවරක් විය යුතුද යන්නත් APEC සංවිධානයේ සාමාජිකයන් මුහුණ දෙන නව යුගයේ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. APEC සංවිධානයේ සාමාජිකයන් එහි මුල් අභිලාෂයන් පිළිපැදිය යුතු අතර ආසියා පැසිෆික් සහයෝගීතාව ඉහළ මට්ටමට ප්‍රවර්ධනය කළ යුතු බව ද ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බවත්, ගැටුමකින් තොරව සංවාදය සහ සන්ධානයකින් තොරව හවුල්කාරී සබඳතාවල ආකාරය පිළිපැදිය යුතු බවත්, ආසියා පැසිෆික් කලාපයේ සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගත යුතු බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ආසියා පැසිෆික් කලාපය භූ දේශපාලනික ක්‍රීඩා පිටියක් බවට පත්විය නොහැක අතර සහ එය එසේ නොවිය යුතු බවත්, “නව සීතල යුද්ධයක්” සහ කඳවුරු ගැටුමක යෙදීමක් නොවිය යුතු බවත් හෙතෙම පැවසීය. විවිධ රටවල ආර්ථික අන්තර් සම්බන්ධතාව සහ ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කළ යුතු අතර,ජයග්‍රාහී සහයෝගීතාවයෙන් විවෘත ආසියා පැසිෆික් ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එසේම, ඩිජිටල්,බුද්ධිමත් සහ හරිත පරිවර්තනය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු යුතුය. තාක්‍ෂණික නවෝත්පාදන සහ ජයග්‍රහණ පරිවර්තනය ශක්තිමත් කළ යුතු අතර, ඩිජිටල් ආර්ථිකය සහ සැබෑ ආර්ථිකය ගැඹුරින් ඒකාබද්ධ කිරීම ද ප්‍රවර්ධනය කළ යුතුය. ගෝලීය විද්‍යා හා තාක්‍ෂණ පාලනය වැඩිදියුණු කිරීමට එක්ව කටයුතු කරමින් විද්‍යාත්මක හා තාක්‍ෂණික සංවර්ධනය සඳහා විවෘත, සාධාරණ, යුක්ති හා වෙනස් කොට සැලකීම්වලින් තොර පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් මෙතෙම පැවසීය.

මෙම වසරේ ආරම්භයේ සිට චීන ආර්ථිකය යළිත් ප්‍රකෘතිමත් වෙමින් වැඩිදියුණු වී ඇති බවත්, උසස් තත්ත්වයේ සංවර්ධනය ශක්තිමත් ලෙස ඉදිරියට ගොස් ඇති බවත්, චීනය ගෝලීය වර්ධනයේ විශාලතම එන්ජිම ලෙසික් පවතින බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. සමාජවාදී වෙළඳපල ආර්ථිකයේ ආයතනික වාසි, අති විශාල පරිමාණ වෙළඳපලවල ඉල්ලුමේ වාසි, සම්පූර්ණ කාර්මික පද්ධතිය සහ සැපයුම් වාසි සහ උසස් තත්ත්වයේ ශ්‍රම බලකාය සහ ව්‍යවසායකයින් විශාල සංඛ්‍යාවක කුසලතා ප්‍රතිලාභ චීනය සතුය. චීන ආර්ථික සංවර්ධනයේ ශක්තිමත් ගාමක බලයක්, ඔරොත්තු දීමේ හැකියාවක් සහ විභවයක් ඇති බවත් හෙතෙම පැවසීය. චීනයේ ආර්ථික වර්ධනයේ දිගුකාලීන මූලිකාංග වෙනස් වී නොමැති අතර එය වෙනස් නොවනු ඇත. දිගුකාලීන සහ ස්ථාවර සංවර්ධනයක් අත්කර ගැනීමට චීනයට විශ්වාසයක් සහ ඉහළ හැකියාවක් පවතින බවත්, චීනයේ නව සංවර්ධනය සමඟින් ලෝකයට නව ජවයක් සහ නව අවස්ථා ගෙනදීමට කටයුතු කරන බවත් ෂී ජින් පිං මහතා පැවසීය. විවෘතභාවයේ  චීනය අඛණ්ඩව එල්බ සිටින අතර,බාහිර ලෝකයට ඉහළ මට්ටමේ විවෘත කිරීම් නොසැලී ප්‍රවර්ධනය කර,වෙළඳපල ඉලක්ක කරගත්, නෛතික සහ ජාත්‍යන්තර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය වෙනස් නොවන බවත් ෂී ජින් පිං මහතා සඳහන් කරයි.

විදේශ ආයෝජකයින් වෙනස්කොට නොසලකන උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවත් හෙතෙම සඳහන් කරයි. චීන  ආකාරයේ නවීකරණයේ ආරම්භක ලක්ෂ්‍යය සහ ඉලක්කය බිලියන 1.4 කට වැඩි චීන ජනතාව හොඳ ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා කර දීමය. ලෝකය සඳහා, පුළුල් වෙළඳපොළක් සහ පෙර නොවූ විරූ සහයෝගීතා අවස්ථාවන් ලබාදීම ඉන් අදහස් වෙයි. ලෝක නවීකරණයට ප්‍රබල උත්තේජනයක් ද ලබා දෙනු ඇත. චීන ආකාරයේ නවීකරණ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වීමට සහ චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය විසින් ගෙන එන ලද විශාල අවස්ථාවන් බෙදා ගැනීමට එක්වීම සඳහා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව සාදරයෙන් පිළිගන්නා බව ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම