චීන ජනපති APEC නායකයින් සහ සත්කාරක අමුත්තන් අතර නිල නොවන සංවාදයට එක්වෙයි
2023-11-17 08:57:25
Share with:

ඇමරිකා වේලාවෙන් නොවැම්බර් 16 වැනිදා මධ්‍යහනයේදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති APEC සංවිධාන නායකයින් සහ සත්කාරක අමුත්තන් අතර නිල නොවන සංවාදය හෙවත් රාජකාරී දිවා භෝජන සංග්‍රහයට සහභාගී විය.

වර්තමාන ගෝලීය ගැටළු විසඳීමට තිරසර සංවර්ධනය, "රන් යතුර" බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. පවතින තත්ත්වයන් හමුවේ, පොදු එකඟතාවන්ට එළඹෙමින් ප්‍රායෝගික පියවරයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, ගෝලීය තිරසර සංවර්ධනය පෙළඹවිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

එහි පළමුවැන්න, තිරසර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමයි. දෙවැන්න හරිත සංවර්ධන පරිවර්තනය සඳහා අලුත් මාවතක් බිහි කිරීමයි. තෙවැන්න දේශගුණික විපර්යාසයට විසඳුම් සෙවීම සඳහා ගෝලීය වශයෙන් ශක්තියක් එකතු කිරීමයි.

චීනය නව සංවර්ධන සංකල්පය තරයේ ක්‍රියාවට නංවන බවත්, ආර්ථිකය සහ සමාජය, හරිත මෙන්ම අඩු කාබන් ආකාරයට පරිවර්තනය කරන බවත් චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. මානවයා සහ ස්වභාවධර්මය සහජීවනයෙන් වෙසෙන පෘථිවි නිවහනක් ගොඩනැගීමට අඛණ්ඩව දායකත්වය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම