“මිතුදමට එක්වෙමු” - චීන-ඇමරිකා මානව සංස්කෘතික හුවමාරු පිළිබඳ මිත්‍ර සංවාදය
2023-11-17 14:01:22
Share with:

ඇමරිකා වේලාවෙන් 16 වැනිදා, චීන මාධ්‍ය සමූහය සහ ඇමරිකා - චීන තරුණ ශිෂ්‍ය හුවමාරු සංගමය ඇතුළු සංවිධාන විසින් ඒකාබද්ධව "චීන-ඇමරිකා සංස්කෘතික හුවමාරු පිළිබඳ මිත්‍ර සංවාදය" ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරල් Shen Haixiong මහතා සහ Lowa ජනපදයේ පළාත් සහ ජනපද කමිටුවේ හිටපු සාමාජිකා Sarah Landi මහත්මිය ඇතුළු ඇමරිකානු මිත්‍රශීලි නියෝජිතයෝ සහ කණ්ඩායම් ඊට සහභාගී වූහ.

චීන සහ ඇමරිකා රාජ්‍ය නායකයින් සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වූ හමුව ලෝක අවධානයට ලක් ව ඇතැයි Shen Haixiong මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන-ඇමරිකා සබඳතා අපේක්ෂාව ජනතාව සතුය. එහි පදනම සිවිල් ප්‍රජාව වන අතර අනාගතය තරුණ තරුණියන් මත රඳා පවතින අතර එහි ජීවගුණය දෙරටේ ප්‍රාදේශීය වශයෙන් ප්‍රබලතා බව ජනාධිපති ෂී ජින්පිං මතහා සඳහන් කර තිබේ. මේ වන විට දෙරට අතර සහෝදර පළාත්ජනපද සහ නගර මට්ටමේ මිත්‍රශීලි බැඳීම් 284ක් ස්ථාපිත කර ඇත.

වාර්තමාන ලෝකයේ විශාලතම පරිමාණයෙන්, වැඩිම සේවා ආකෘතිවලින් සහ පුළුල්ම ආවරණයක් සතු විස්තීර්ණ ජාත්‍යන්තර මාධ්‍ය සමූහය ලෙස, චීන මාධ්‍ය සමූහය, චීන සහ ඇමරිකා ජනතාව වෙනුවෙන් අන්‍යෝන්‍ය අධ්‍යයන පාලමක් මෙන්ම සහයෝගීතා පාලමක් ලෙස ගොඩනැගීමට සැමවිටම සිය දායකත්වය ලබා දෙයි.

ඇමරිකා චීන දෙරට ජනතාවට මිත්‍ර බීජ රෝපණය කළ හැක්කේ පුළුල් හුවමාරුවකින් යැයි චීන ජනාධිපතිවරයා Lowa ජනපදයේ සංචාරය කළ  බොහෝ අවස්ථාවලදී සඳහන්කර ඇතැයි Sarah Landi මහත්මිය පැවසුවාය.

ලෝකයේ විශාලතම ආර්ථික ඒකක දෙක වන ඇමරිකාව සහ චීනය විශේෂ බුද්ධියෙන් මෙන්ම විශ්ව දැක්මකින් වත්මන් ලෝකය මුහුණ දෙන ප්‍රධාන ගැටළු ඒකාබද්ධව විසඳීම ලෝක අවශ්‍යතාවකි. දෙරට ජනතාව අතර මිත්‍රත්වය සමෘද්ධිමත් ආකාරයෙන් ඉදිරියටම වර්ධනය කර ගැනීමට හැකි‍ වෙතැයි ඇය අපේක්ෂා පළ කළාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම