චීන ජනපති San Francisco නගරයට පැමිණීම පිළිබඳ චීන මාධ්‍ය සමූහයේ සජීව විකාශයට ගෝලීය වශයෙන් පුළුල් අවධානයක්
2023-11-16 14:41:12
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා San Francisco නගරයට පැමිණීම පිළිබඳ චීන මාධ්‍ය සමූහයේ සජීව විකාශයට ජාත්‍යන්තර වශයෙන් පුළුල් ප්‍රචාරයක් හිමිවෙයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ඇරයුමින් චීන ජනාධිපතිවරයා ඇමරිකානු සංචාරයට එක්වූයේ දෙරට රාජ්‍ය නායක හමුවට සහ  APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට සහභාගි වීම සඳහා යි.

ඇමරිකානු වේලාවෙන් 15 වැනිදා අලුයම වන විට, ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරණය රටවල් සහ කලාප 80 ක ප්‍රධාන ධාරාවේ රූපවාහිනී මධ්‍යස්ථාන සහ නව මාධ්‍ය වේදිකා 474 ක් මගින් විකාශය කර තිබූ අතර, සමස්ත විකාශ සංඛ්‍යාව 2117 කි.

“ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවට ළඟා වීම” යන තේමාවෙන් යුතු පැය දෙකක විශේෂ සජීව වැඩසටහනක් CGTN නාලිකාව විසින් විකාශය කරනු ලැබීය. ෂී ජින් පිං මහතාගේ පැමිණීම පිළිබඳ පුවත් වාර්තාකරණයේ දී  NBC සහ CW වැනි ඇමරිකානු රූපවාහිනී මධ්‍යස්ථාන එම CGTN සජීව විකාශය බොහෝ වාර ගණනක් භාවිත කර ඇත.

නොවැම්බර් 15 වැනිදා පෙරවරු 10  වන විට, චීන මාධ්‍ය සමූහයේ සජීව විකාශය CNN, NBC, FOX, CW, BBC, ARD, NHK සහ CNA ඇතුළු රටවල් සහ කලාපවල 23ක රූපවාහිනී මධ්‍යස්ථාන හා නව මාධ්‍ය වේදිකාවල 103ක 214 වතාවක් විකාශය කර තිබීම ද කැපීපෙනන කරුණකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම