අපනයන ආර්ථිකය නඟා සිටුවීමට නව ව්‍යවසාකයින් දිරිගැන්වීම ඉදිරි වසරේ අරමුණක්
2023-11-16 16:16:54
Share with:

මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් ලබා දීම බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සහ ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳාගැනීම සඳහා ක්‍රියාත්මක උත්සවයකට එක් වෙමිනි.

විදේශ ණය ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුවට ඇත්තේ දේශපාලනික විසඳුමක් නොව ආර්ථික විසඳුමකි. මේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉදිරිපත් කළ මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන ඉලක්කයක් වන්නේ අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් ලබා දීමයි. ඒ සඳහා සාම්ප්‍රදායිකව අප අනුගමනය කරන භාණ්ඩ විවිධාංගීකරණය, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නව්‍යකරණය ඇතුළු සාධක ගණනාවක් පවතී. ඉහළ පෙළේ ව්‍යවසායකයින් පමණක් නොව නව නිර්මාණකරුවන් හා ව්‍යවසායකයන්ද දායක කරගනිමින් රට ගොඩනැඟීමට දරන ජාතික ප්‍රයත්නයෙහි දී සියලු දෙනා සමග එක්ව ආර්ථික වැඩපිළිවෙළකට පිවිසෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම