2023 තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ව්‍යවසායකයන්ගේ සම්මේලනයේ 10 වැනි සාංවත්සරික සමුළුව වෙත චීන ජනපති යොමු කළ සුබ පැතුම් පණිවුඩයට ඉහළ ප්‍රතිචාර
2023-11-16 11:01:14
Share with:

2023 තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ව්‍යවසායකයන්ගේ සම්මේලනයේ 10 වැනි සාංවත්සරික සමුළුව වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් යොමු කර ඇත. එම පණිවුඩයට චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස කලාපයේ ඉහළ ප්‍රතිචාර පළ වී තිබේ.

එම සම්මේලනය තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ආර්ථක සහයෝගීතාව තහවුරු කිරීමේ දී මෙන්ම එම කලාපයේ ඒකාබද්ධ සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව තමා පිළිගන්නා බව ෂී ජින් පිං මහතා එහිදී කියාසිටී. 

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ආර්ථීක හා වෙළඳ හුවමාරු පිළිබඳ සම්මේලනයේ සභාපති Gao Konglian මහතා ප්‍රකාශ කළේ, එම සම්මේලනය ඔස්සේ අදාළ ව්‍යවසායකයන්ට පෙරට වඩා සක්‍රිය ලෙස ලෝක වෙළඳපොළට එක්විය හැකි බවයි. 

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර ආර්ථීක වෙළඳ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 300 ඉක්මවා ගොස් ඇත. තායිවාන ව්‍යවසායන් චීන මහ ගොඩබිමේ සංවර්ධනයට එක්වීමේ ප්‍රවණතාව වඩාත් තහවුරු වී ඇති ආකාරය ඉන් පිළිබිඹු වී ඇතැයි ද සමස්ත චීනයේ තායිවාන ස්වදේශිකයන්ගේ ආයෝජන ව්‍යවසායක සංගමයේ නියෝජිත විධායක සභාපති Wu Jiaying මහතා සඳහන් කළේය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම