ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ මානුෂීය සටන් විරාම යෝජනාවක් සම්මත කරයි
2023-11-16 10:23:17
Share with:

ගාසා තීරයේ කඩිනම් මානුෂීය සටන් විරාමයක් සහ සේවා සැපයුම් කොරිඩෝ පිහිටුවීම සඳහා වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කෙරේ.වේගවත් ව, ආරක්ෂිත ව සහ බාධාවකින් තොරව මානුෂීය සැපයුම් ලබාදීමට ‘ප්‍රමාණවත් දින ගණනක්’  එමගින් ඉල්ලුම් කර ඇත.

ජලය, විදුලිය, ඉන්ධන, ආහාර සහ වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම, අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වල හදිසි අලුත්වැඩියාවන් සිදුකිරීම සහ හානියට පත් ගොඩනැගිලිවල අතුරුදන් ව සිටින දරුවන් මුදාගැනීම ඇතුළු කාර්යයන් රැසක් මේ යටතේ ක්‍රියාවට නැංවීමට නියමිතයි. හමාස් සහ අනෙකුත් කණ්ඩායම් රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද යෝජනාව ඉල්ලා සිටී.

මෙම යෝජනාවට කවුන්සිල සාමාජිකයන් 15 දෙනාගෙන් 12 දෙනෙකුගේ එකඟතාව පළවිය.  බ්‍රිතාන්‍යය, රුසියාව සහ ඇමරිකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ තත්ත්වය උත්සන්න වීමෙන් පසුව ඊට අදාළව ආරක්ෂක මණ්ඩලයේ සම්මත කෙරුණු පළමු යෝජනාව මෙයයි. මීට පෙර ගාසා හි පවතින තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කරන ලද යෝජනා කෙටුම්පත් හතරක් සම්මත කර ගැනීමට එම මණ්ඩලය අපොහොසත් විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම