දේශගුණික අර්බුදය ලෝක සෞඛ්‍ය පද්ධතියට පෙර නොවූ විරූ පීඩනයක් එල්ල කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
2023-11-16 10:45:01
Share with:

දේශගුණික අර්බුදය ලෝක සෞඛ්‍ය පද්ධතියට පෙර නොවූ විරූ පීඩනයක් එල්ල කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

Lancet Countdown හි අට වැනි වාර්ෂික වාර්තාව මත පදනම් ව ඊයේ (15) ඒ බව පැවසූ එම සංවිධානය, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා පුළුල් පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

ආහාර අනාරක්ෂිතභාවය සහ දරුණු ආන්තික කාලගුණික විපර්යාස වැඩි වීම ඇතුළු විවිධ ආකාරවලින් දේශගුණික අර්බුදය පිළිබිඹු කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2021 වසරේ පැවති නිරන්තර උෂ්ණ තරංග සහ නියඟ හේතුවෙන්, 1981 සිට 2010 දක්වා කාලයේ පැවති සාමාන්‍ය මට්ටමට‍ වඩා මිලියන 127 ක ජනගහණයක් මධ්‍යස්ථ හා දරුණු ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බව ද එම වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

පවිත්‍ර හා පුනර්ජනනීය බලශක්ති භාවිතය අරඹන ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටී. එම ප්‍රයත්න තුළින් දේශගුණික විපර්යාස අවම කිරීමට අමතරව වාතයේ ගුණාත්මක භාවය ද වැඩිදියුණු කරනු ඇති බවට එම සංවිධානය විශ්වාසය පළකරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම