ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක් අයවැයක් තුළින් විසඳිය නොහැකියි – ජනපති පවසයි
2023-11-16 16:15:44
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක් අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදයට අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ‘2024 අයවැය කතිකාවත’ නමැති වැඩසටහන අමතමින් ජනාධිපතිවරයා ඊයේ (15) මෙම අදහස් පළ කළේය.

වෙනස්වන පරිසරය තුළ වෙනස් වීම මඟින් අර්බුදයට සාර්ථක විසඳුම් සොයා ගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේදී ද එම ක්‍රමවේදය ඉතාම වැදගත් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. පෞද්ගලීකකරණය, කෘෂිකර්මාන්ත නවීකරණය, හරිත බලශක්ති ප්‍රවර්ධනය, සංචාරක ආකර්ශණය හා ධීවර කර්මාන්තයේ ව්‍යාප්තිය ඇතුළු කරුණු රැසක් කෙරෙහි මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇතැයි ද ක්‍රමානුකූලව එම ආර්ථික ස්ථාවරත්වය වෙත යොමු වීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම