කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්යයි
2023-11-16 16:17:36
Share with:

මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් මාසයේ සිට අදාළ ප්‍රමිති සහතිකය ලබා ලබාගැනීම අනිවාර්ය බව ජාතික කුළුබඩු සංස්ථාවේ සභාපතිනී කුමුදිනී ආර්යා ගුණසේන මහත්මිය සඳහන් කළාය.

ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිත කරන අතර ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම නිසා Sri Lanka Spice සන්නාමයට බරපතල හානි සිදු වීම හේතුවෙන් මෙම පියවර ක්‍රියාත්මක කෙරේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම