චීන ඇමරිකා රාජ්‍ය නායක හමුව දෙරට ඉතිහාසයේ සන්ධිස්ථානයක්
2023-11-16 17:43:19
Share with:

සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී අද (16) පැවති චීන ඇමරිකා රාජ්‍ය නායක හමුව සක්‍රීය, පරිපූර්ණ මෙන්ම අර්ථකාරී හමුවක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. එම හමුව ක්‍රමෝපායීය අර්ථය හා ගැඹුරු බලපෑම සහිත ජාත්‍යන්තර සබඳතාවේ වැදගත් කාර්යයක් වන අතර එය චීන ඇමරිකා සබඳතා ඉතිහාසයේ සන්ධිස්ථානය බවට පත් වනු ඇතැයි ඇය කීවාය.

දෙරටේ සබඳතාව ප්‍රශස්ත කිරීම වෙනුවෙන් චීනයේ ස්ථාවරය චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම හමුවේදී පූර්ණව පැහැදිලි කර තිබේ. ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව දෙපාර්ශ්වයට නිවැරදි අවබෝධයක් තිබීම, ගැටුම් නිසියාකාරයෙන් පාලනය කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතාව වඩාත් ඉදිරියට ගෙන යාම, බලවත් රටවල වගකීම් ඉටු කිරීම හා මානව හුවමාරු වඩාත් පුළුල් කිරීම ඇතුළු පියවර 5ක් සිදු කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එය චීන ඇමරිකා සබඳතාව ස්ථීර ලෙස වර්ධනය වීමට පදනම ස්ථාපිත කරමින් දෙරටේ සබඳතාවට අනාගතයේ නව අපේක්ෂාවන් බිහි කළ හැකි ය.

මෙවර සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේදී දේශපාලනය හා රාජ්‍යතාන්ත්‍රිය භාවය, මානව හුවමාරු, ගෝලීය පාලනය, යුද ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රවල එකඟතාවන් 20කට වැඩි ප්‍රමාණයකට පැමිණ ඇති බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය. චීනය හා ඇමරිකාව අතර පුළුල් පොදු ප්‍රතිලාභ ඇති බවද අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා පොදු ජයග්‍රහණය දෙරටේ සබඳතාවේ හරය බවද ඉන් පිළිබිඹු ‍වන බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම