ඇමරිකානු මිත්‍ර සංගම් පැවැත්වූ භෝජන සංග්‍රහයේ දී චීන ජනපතිගෙන් දේශනයක්
2023-11-16 13:42:33
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකානු මිත්‍ර සංගම් ඒකාබද්ධව සංවිධාන කළ විශේෂ පිළිගැනීමේ භෝජන සංග්‍රහයට එක් ව දේශනයක් පවත්වයි. එය San Francisco නගරයේ දී  ඇමරිකාවේ  වේලාවෙන් 15 වැනි දා රාත්‍රියේ පැවැත්විණ.

චීන-ඇමරිකා සබඳතාවේ පදනම ජනතාව විසින් ගොඩනගනු ලැබ ඇති බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. දෙවන ලෝක යුද සමයේ, සාමය හා යුක්තිය වෙනුවෙන් දෙරට එක්ව සටන් වැදුණේය. කටුක, අර්බුදකාරී යුගයක තහවුරු වූ දෙරට ජනතාවගේ මිත්‍රත්වය පාරම්පරිකව ඉදිරියට ගෙන යා හැකිවනු ඇතැයි චීන ජනාධිපතිවරයා සිය විශ්වාසය පළ කළේය.

චීන - ඇමරිකා සබඳතාවේ දොරටුව ද ජනතාව විසින් විවෘත කරනු ලැබූවකි. එහෙත්, වසර 22 ක කාලයක් දෙරට වෙන් වී එකිනෙකාට එරෙහි ව සිටියේය. දෙපාර්ශ්වය යළි සමීප කරවනු ලබන්නේ යුගයේ ප්‍රවණතා විසිනි. චීනය සහ ඇමරිකාව මතභේද ඉක්මවන අවස්ථාවේ පොදු ජයග්‍රහණ නිර්මාණය වනු ඇත. රටවල් දෙක අතර පවතින අනවබෝධය බිඳීයාමෙන් ජනතා අපේක්ෂා මල්පල දරනු ඇත.

චීන - ඇමරිකා සබඳතාවේ කතාව ජනතාව විසින් නිර්මාණය කෙරේ. ඉතිහාසය, සංස්කෘතිය, සමාජ පද්ධතිය හා සංවර්ධන මාර්ගය යන ක්ෂේත්‍රවලින් දෙරට සමාන නොවේ. එහෙත් දෙරටේම ජනතාව කරුණාවන්ත, මිත්‍රශීලී මෙන්ම කැප වී ක්‍රියා කරන ප්‍රායෝගික පිරිසකි. ඔවුහු තම මාතෘ භූමියට, පවුලට සහ යහපත් දිවිපැවැත්මට ආදරය කරති. චීන - ඇමරිකා ජනතාවට එකිනෙකා කෙරෙහි සුහද හැඟීමක් සහ සැලකිල්ලක් පවතී. දෙරට ජනතාව ආරම්භ කළ මිත්‍රත්වයක් අතරමග අත්නොහරිනු ඇත. එම ජනතා මිත්‍රත්වය අඛණ්ඩව තහවුරු වෙමින් පවතින අතර, එය නිසැකවම එල්ල වන අභියෝග ජයගනු ඇතැයි ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

චීන - ඇමරිකා සබඳතාවේ අනාගතය නිර්මාණය වන්නේ ද ජනතාව අතිනි. කෙතරම් දුෂ්කර කාලයක වුව ද ජනතාව අතර බැඳීම් දැඩි ලෙස ග්‍රහණය කරගත යුතු බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

අප අභියෝගවලින් පිරිපුන් මෙන්ම පොහොසත් අපේක්ෂාවන් සහිත යුගයක වෙසෙන බව ෂී ජින්පිං මහතා සඳහන් කරයි. අනාගත ලෝකයට චීනය හා ඇමරිකාව අතර සහයෝගිතා අවශ්‍ය වෙයි. ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට හා විශාලතම සංවර්ධිත රට ලෙස, චීනය හා ඇමරිකාව සුහද සබඳතාවක පසු විය යුතු ය. කැළඹිලි සහිත ලෝකයක් හමුවේ දෙරට වඩාත් පුළුල් දැක්මකින් යුතු බලවත් රටවල් ලෙස සිය වගකීම්, යුතුකම් මෙන් ම කාර්යභාරයන් ඉටු කළ යුතු ය.

චීනය හා ඇමරිකාව යනු ප්‍රතිවාදීන් ද හවුල්කරුවන් ද යන්න පිළිබඳව ෂී ජින් පිං මහතා අදහස් දැක්වීය. හෙතෙම පෙන්වා දෙන්නේ අනිත් පාර්ශ්වය ප්‍රධානතම ප්‍රතිවාදියා, භූ දේශපාලනය සඳහා වන දැවැන්ත අභියෝගය හා ප්‍රබල තර්ජනයක් ලෙස සලකන්නේ නම් වැරදි ප්‍රතිපත්තීන් ක්‍රියාවට නංවා වැරදි ප්‍රතිඵල ඇති විය හැකි බවයි. ඇමරිකාවේ හවුල්කරුවෙකු හා මිතුරෙකු බවට පත්වීම චීනයේ අපේක්ෂාවයි. තම රට දෙරට සබඳතාවේ නියැළී සිටින්නේ අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සබඳතාව, සහයෝගිතාවෙන් පොදු-ජයග්‍රාහී බව මත පදනම්ව බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

ඇමරිකාවට අනන්‍ය ඉතිහාසයක්, සංස්කෘතියක් සහ භූ ගෝලීය පිහිටීමක් පවතින අතර, තමන්ට අනන්‍ය සංවර්ධන මාවතක් සහ සමාජ පද්ධතියක් නිර්මාණය කර ඇත. චීනය සම්පූර්ණයෙන්ම ඊට ගරු කරන බව ෂී ජින් පිං මහතා පැවසීය.

චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදයේ මාවත සකසා ඇත්තේ විද්‍යාත්මක සමාජවාදී න්‍යායන්ට අනුකූලව ය. එය වසර 5000 කට අධික ඉතිහාසයක් සහිත චීන ශිෂ්ටාචාරය තුළ මුල් බැස ඇත. එය චීනයට ආඩම්බරයක් බව ද චීන ජනාධිපතිවරයා පැවසීය. දෙරට අනුගමනය කරන මාර්ගයන් වෙනස් වුව ද එම ක්‍රමවේද දෙකම දෙරටේ ජනතා තේරීම් බවත්, එය සියලු මානව වර්ගයාගේ පොදු සාරධර්ම සඳහා මඟපෙන්වන බවත්, එම මාර්ග දෙකටම ගරු කළ යුතු බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

සාමකාමී සහජීවනය ජාත්‍යන්තර සබඳතාවල මූලික මූලධර්මයක් වන අතර, එය චීනය සහ ඇමරිකාව එක්ව පිළිපැදිය යුතු මූලික කරුණක් බව ද චීන ජනාධිපතිවරයා පැවසීය. ඇමරිකාව අසාර්ථකත්වයට පත්වීම කිසිවිටෙක චීනයේ බලාපොරොත්තුව නොවේ. ඇමරිකාවේ අභ්‍යන්තර කටයුතුවලට චීනය කිසිවිටෙක මැදිහත් නොවන අතර, ඇමරිකාවට අභියෝග කිරීමට හෝ ආදේශකයක් වීමට චීනයේ කිසිදු අදහසක් නොමැත. විශ්වාසී, විවෘත සහ සමෘද්ධිමත් ඇමරිකාවක් දැකීමට චීනය අපේක්ෂා කරයි. එමෙන්ම, චීනයේ අසාර්ථකත්වය අ‍පේක්ෂා කිරීමෙන් සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් තොරව, ඇමරිකාව කළ යුත්තේ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් චීනයක් සාදරයෙන් පිළිගැනීම බව ද ෂී ජින් පිං මහතා කියාසිටියේය.

සහයෝගයෙන් එක්ව පොදු ප්‍රතිලාභ ලබා ගැනීම මෙම යුගයේ සංවර්ධන ප්‍රවණතාව වන අතර, එය චීන-ඇමරිකා සබඳතාවේ පැවතිය යුතු එකඟතාවක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය. දෙරට අතර සහයෝගීතා අවකාශය අසීමිත වන අතර, අන්‍යෝන්‍ය සාර්ථකත්වය මනාව බෙදා ගත හැකිය. දෙරට ජනතාව අතර, විශේෂයෙන්ම තරුණයන් අතර හුවමාරු පුළුල් කිරීම සඳහා, ඉදිරි වසර පහ තුළ අධ්‍යාපනය සඳහා චීනයට පැමිණෙන ලෙස ඇමරිකානු යෞවනයන් 50,000 කට ආරාධනා කිරීමට චීනය සූදානමින් සිටින බව ද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.

චීනය, ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට යි. සියවසක ගවේෂණ මෙන්ම අඛණ්ඩ අරගලයකින් චීනය තම රටට ගැලපෙන සංවර්ධන ක්‍රියාමාර්ගයක් සොයාගෙන ඇති අතර, චීන නවීකරණය ඔස්සේ ජාතියේ මහා පුනර්ජීවනය අංගසම්පූර්ණ ලෙස ඉදිරියට රැගෙන යමින් සිටී.

චීන ජනතාව සමස්තයක් වශයෙන් නවීකරණයට එක් කර ගැනීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්න දැරිය යුතුය. චීන ජාතිකයන් සෑම දෙනාට ම උසස් ප්‍රමිතියෙන් යුතු ජීවිතයක් හිමිකර දීම සඳහාත්, පොදු සමෘද්ධිය උදෙසාත් කැප වී ක්‍රියා කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

තමා දෙවැනි කොට මහජනතාව පළමු ස්ථානයේ තබා සැලකීම උතුම් බව තම දිවිය පුරා තරයේ විශ්වාස කරන බව ද චීන නායකයා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම