චීන- ඇමරිකානු ජනපති හමුව පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශයේ විග්‍රහය
2023-11-16 13:40:51
Share with:

චීන - ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ ද්විපාර්ශ්වික හමුවෙන් අනතුරුව චීන විදේශ අමාත්‍ය වං යී මහතා එහි ප්‍රගතීන් විග්‍රහ කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඇමරිකාවේ වේලාවෙන් 15 වැනි දා San Francisco නගරයේ Filoli වතුයායේ දී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වූහ. එම හමුව පිළිබඳව අදහස් දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා පැවසුවේ, එය සුහද මෙන්ම ගැඹුරු ලෙස පවත්වා ඇති බවයි.

මෙවර APEC සමුළුව අතරතුර පැවැත්වෙන සෙසු ද්විපාර්ශ්වික හමුවීම්වලට වඩා වෙනස් ආකාරයෙන් මෙම හමුව පැවැත්වීම සඳහා බයිඩන් මහතා ෂී ජින් පිං මහතා වෙත විශේෂ ආරාධනාවක් යොමු කළේ ය. මෙම හමුව චීනය හා ඇමරිකාව අතර ‘සමුළුවක්’ ලෙස ඇමරිකානු පාර්ශ්වය සලකන බව ද වං යී මහතා පැවසීය. ෂී ජින් පිං මහතා වසර 6 කට පසු එක්වන ඇමරිකානු චාරිකාව මෙයයි. එසේම මෙය පැවැත්වෙන්නේ බාලි දූපතේ පැවති දෙරට රාජ්‍ය නායක හමුවෙන් වසරකට පසුව යි. මෙම හමුව දෙරට සබඳතා සඳහා වන සන්ධිස්ථානයක් බවට පත් වනු නිසැක බව ද විදේශ අමාත්‍යවරයා පෙන්වාදෙයි.

එමෙන් ම, නායක දෙපළ අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා අවබෝධ කරගනිමින්, මතභේද නිසි අයුරින් නිරාකරණය කර පවතින ප්‍රධාන ප්‍රශ්නවලට උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම පැවසීය.

මෙවර පැවතුණේ අංශ ගණනාවකින් පොහොසත් හමුවකි. නායක දෙපළ එහිදී දෙරටේ විවිධ ක්ෂේත්‍රයන්හි පවතින සහයෝගිතා පිළිබඳ සාකච්ඡා කරමින් දේශපාලන රාජ්‍යතාන්ත්‍රික භාවය, මානව හුවමාරු, යුදමය ආරක්ෂාව ඇතුළු අංශ පිළිබඳ එකඟතා 20 කට වැඩි සංඛ්‍යාවකට එළඹ ඇත. මේ අනුව, San Francisco හමුව චීන - ඇමරිකානු ද්විපාර්ශ්වික සබඳතාව පිළිබඳ අතිශය වැදගත් අවස්ථාවකි. මෙවර හමුව පදනම් කර ගනිමින් දෙරට සබඳතාව නිසියාකාරයෙන් ස්ථාවර හා තිරසර අයුරින් ඉදිරියට මෙහෙයවිය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම