කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් නියෝග
2023-11-16 19:18:46
Share with:

චීනයේ ෂන්සි පළාතේ ගල් අඟුරු ආකරයක පිහිටි කාර්යාල ගොඩනැගිල්ලක අද (16) සිදුවූ ගින්නක් හේතුවෙන්  26 දෙනෙක් මිය ගොස් 38 දෙනෙක් තුවාල ලැබූ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විදේශ සංචාරයක නිරත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් නියෝග ලබා දී තිබේ. එම ගල් අඟුරු ආකරයේ කාර්යාල ගොඩනැගිල්ලේ ගින්න හේතුවෙන් මතුවූ පුද්ගල හානිය බරපතල අතර එය ගැඹුරු පාඩමක් බව හෙතෙම පෙන්වා දුන්නේය. තුවාලකරුවන්ට කඩිනමින් ප්‍රතිකාර කරමින් තුවාල ලැබූවන්ට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට සහන සැලසීමට අවධාධනය යොමු කළ යුතුය. ඊට හේතු හැකි ඉක්මනින් හඳුනා ගතයුතු අතර එහි වගකිව යුත්තන් පිළිබඳව දැඩිව විමර්ශනය කිරීම අනිවාර්ය බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම