පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය පිළිබඳව රුසියානු හා ඊජිප්තු ජනපතිවරුන් දුරකථන සංවාදයක
2023-11-15 10:31:56
Share with:

පලස්තීන-ඊශ්‍රායල අර්බුදකාරී තත්ත්වය පිළිබඳව රුසියානු හා ඊජිප්තු ජනාධිපතිවරු දුරකථන සංවාදයක නිරත වෙති. රුසියානු ජනාධිපති Vladimir Vladimirovich Putin මහතා හා ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi මහතා ඊයේ(14) දුරකථන සංවාදයේ නිරත වූහ.

ළමුන් හා කාන්තාවන් දහස් ගණනක් ඇතුළු ඉන් මිය ගිය හා තුවාල ලැබූ සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව සැලකිය යුතු අයුරින් ඉහළ යාම නායක දෙපළගේ දැඩි අවධානයට ලක් ව ඇති බව රුසියානු ජනාධිපති වෙබ් අඩවිය වාර්තා කරයි. අර්බුදකාරී ගැටුම කඩිනමින් අවසන් කිරීම, අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් නිදහස් කිරීම මෙන් ම කිසිදු බාධාවකින් තොරව ගාසා තීරයේ සාමාන්‍ය ජනතාව වෙත මානුෂීය සහනාධාර ලබා දීම ඉතා වැදගත් බව ජනාධිපතිවරුන් සඳහන් කර තිබේ.

කලාපීය ගැටුම් නිරාකරණය කිරීමේදී රුසියාව හා ඊජිප්තුව සමාන ආකල්පයන් දරන බව එම වෙබ් අඩවිය වාර්තා කරයි. ජාත්‍යන්තර නීතිය මත පදනම්ව, ඊශ්‍රායලය සමග සාමකාමී පැවැත්මකින් යුත් ස්වාධීන පලස්තීනයක් ගොඩනැංවිය යුතු බව දෙරටේ අදහස වී ඇතැයි ද වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම