චීන සමාගම් යුරෝපා සංගමයේ තාක්ෂණික නවෝත්පාදනයට සහාය දෙයි-- යුරෝපා සංගමයේ චීන වාණිජ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
2023-11-15 11:06:26
Share with:

චීන සමාගම් යුරෝපා සංගමයේ තාක්ෂණික නවෝත්පාදනයට සහාය දෙන බව "2023/2024 යුරෝපා සංගමයේ චීන සමාගම් සංවර්ධන වාර්තාවෙන්" පෙන්නුම් කෙරේ. යුරෝපා සංගමයේ චීන වාණිජ මණ්ඩලය සහ ගෝලීය කළමනාකරණ උපදේශන සමාගමක් වන Roland Berger එම වාර්ෂික වාර්තාව 14 වැනිදා බ්‍රසල්ස් නුවරදී නිකුත් කළේ ය. 

එම වාර්තාවට අනුව, 2022දී යුරෝපීය පේටන්ට් කාර්යාලයට චීනයෙන් පේටන්ට් බලපත්‍ර අයදුම්පත් 19,041 ක් ලැබී ඇති අතර එය වසරින් වසර 15.1% ක වර්ධනයක් අත්පත් කරගෙන ඇත. ප්‍රධාන පේටන්ට් බලපත්‍ර අයදුම් කරන රටවල් සහ කලාප 20ක් අතර චීනය වාර්තාගත ඉහළම වර්ධනීය මට්ටමකට ළඟා වන බව එම වාර්තාව පෙන්වා දේ.

සමීක්ෂණයට ලක් කරන ලද චීන සමාගම්වලින් 88% ක් ප්‍රකාශ කළේ යුරෝපයේ විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ සහ සංවර්ධනය සඳහා ඔවුන්ගේ ආයෝජනය එලෙසම පවතිනු ඇති බව හෝ අනාගතයේදී වැඩි වනු ඇති බවයි. පර්යේෂණ සහ සංවර්ධන ආයෝජන වැඩි වීමෙන්, බොහෝ චීන සමාගම් යුරෝපයේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන සැකැස්ම ක්‍රමයෙන් පුළුල් කිරීමට කටයුතු කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම