පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම සම්බන්ධයෙන් චීන ජනපති අදහස් පළ කරයි
2023-11-15 16:05:56
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රචනා කළ "පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීමේ දී වැදගත් සබඳතා කිහිපයක් පවත්වාගැනීමේ අවශ්‍යතාව" යන තේමවෙන් යුතු ලිපිය නිකුත් කෙරේ. මෙම ලිපිය 16 වැනිදා එළිදැක්වෙන "Qiushi" සඟරාවේ නවතම කලාපයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

චීනය නව යුගයේ පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා වූ ප්‍රවර්ධනය කිරීම් නොකඩවාම ඉදිරියට ගෙන යමින් සිටී. නව යුගයට ප්‍රවේශ වී වසර දශකයක ප්‍රායෝගික අත්දැකීම් සාරාංශ කරමින්, අලුතින් මුහුණ දෙන තත්වයන් මෙන්ම ප්‍රශ්න විශ්ලේෂණය කිරීමේ දී පාරිසරික ගොඩනැගීම අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් සබඳතා කිහිපයක් නිවැරදිව හැසිරවිය යුතු බව මෙම ලිපියේ සඳහන් කෙරේ.

පළමුවැන්න, උසස් තත්ත්වයේ සංවර්ධනය සහ ඉහළ මට්ටමේ ආරක්ෂාව අතර සම්බන්ධතාවය නිවැරදිව පවත්වා ගත යුතුය. දෙවැන්න, කේන්ද්‍රීය කර්තව්‍යයන් සහ සහයෝගී පරිපාලනය අතර සම්බන්ධතාවය නිසි ලෙස හැසිරවීමයි. තෙවනුව, ස්වාභාවික ප්‍රතිෂ්ඨාපනය සහ කෘත්‍රිම පුනරුත්ථාපනය අතර සම්බන්ධතාවය නිවැරදිව පවත්වාගැනීමයි. සිව්වනුව, බාහිර පාලනය සහ  අභ්‍යන්තර විභවතා අතර සම්බන්ධතාවය නිවැරදිව හැසිරවීමයි. පස්වැන්න, "ද්විත්ව කාබන්" ප්‍රතිඥාව සහ ස්වාධීන මෙහෙයුම් අතර සම්බන්ධතාවය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම