මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බව ජනපති පවසයි
2023-11-15 16:06:34
Share with:

රටේ ආර්ථික සහ දේශපාලන ගමන් මග වෙනස් කරන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහය අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවයි. රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.

දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම