ඇමරිකාවට පැමිණි චීන ජනපති හරසරින් පිළිගැනේ
2023-11-15 08:06:29
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවට ළඟා වේ.

ෂී ජින් පිං ජනාධිපතිවරයා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ San Francisco ගුවන් තොටුපළට ළඟා විය. ඇමරිකානු ජනාධිපති Joe Biden මහතාගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපතිවරයා San Francisco නගරයේ දී දෙරට රාජ්‍ය නායක හමුවකට එක්වීමට නියමිත ය. 

ඇමරිකාවේ පැවැත්වෙන APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද චීන ජනාධිපතිවරයා එක්වනු ඇත.

ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් San Francisco ගුවන් තොටුපළට පැමිණ චීන ජනපති  මහත් හරසරින් පිළිගත්හ. කැලිෆෝනියා හි ආණ්ඩුකාර Gavin Newsom, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen සහ චීනයේ ඇමරිකානු තානාපති R.Nicholas Burns යන මහත්ම මහත්මීහු ද ඒ අතර වූහ. චීන ජනපති පිළිගැනීම සඳහා ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා ද පැමිණ සිටියේය.

ෂී ජින් පිං ජනාධිපතිවරයා San Francisco නුවර ගුවන් තොටුපළේ සිට හෝටලයට පැමිණෙන මග දෙපස, එරට වෙසෙන චීන ජාතිකයෝ සහ ඇමරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුහු පෙළ ගැසී සිටියහ. ඔවුහු චීන හා ඇමරිකානු ජාතික ධජ ලෙලවමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්හ.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම