20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2023-11-15 16:04:22
Share with:

ශ්‍රී ලංකාවේ 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විණ.

එහිදී 2019 සහ 2020 දෙවසර වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරිණ. මෙම සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නළුවා ලෙස ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි ද 2020 වසරේ හොඳම නළුවා ලෙස නිවුස්පේපර් චිත්‍රපටයේ කුමාර තිරිමාදුර ද සම්මාන ලබා ගත්හ.

මෙම සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රඟපෑ සමාධි ලක්සිරිද, 2020 වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු ද සම්මාන ලැබූහ. මෙම සම්මාන උළෙලේදී 2020 හොඳම පසුබිම් ගායිකාව ලෙස ප්‍රවීණ සංගීතවේදීනි ආචාර්ය නන්දා මාලිනිය පිදුම් ලැබූ අතර මෙරට සංගීත ‍ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් නන්දා මාලිනි මහත්මියට ස්තූතිය පුද කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම