ඔක්තෝබර් මස චීන ආර්ථීකයේ අඛණ්ඩ පුනරුත්ථාපනයක්
2023-11-15 11:17:15
Share with:

පසුගිය ඔක්තෝබර් මස සිට චීන ආර්ථීකය අඛණ්ඩව ස්ථීර ලෙස පුනරුත්ථාපනය වෙමින් පවතින බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. 

චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Liu Aihua මහත්මිය ඔක්තෝබර් මාසසේ චීන ආර්ථීක තත්ත්වය එහිදී විස්තර කර ඇත. 

ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම් වර්ධනය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 4.6කින් වැඩි වූ බවත් සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය සියයට 7.7කින් වැඩි වූ බවත් ඇය ප්‍රකාශ කළාය. සාමාජීය පාරිභෝගික‍ භාණ්ඩ සිල්ලර අලෙවිය චීන යුආන් බිලියන 4333.3කි. එය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 7.6ක වැඩි වීමකි. 

පසුගිය ඔක්තෝබර් මස චීනයේ ආනයන හා අපනයන භාණ්ඩ වටිනාකම චීන යුආන් බිලියන 3541.7ක් වන අතර එය වසරින් වසරට සියයට 0.9කින් වැඩි වී තිබේ. නාගරික විරැකියා අනුපාතය සියයට 5කි. පසුගිය සැප්තැම්බර් මස හා සමාන තත්ත්වයක් ඉන් පෙන්නුම් කෙරේ. පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 0.2කින් පහළ ගොස් ඇති අතර එය පසුගිය සැප්තැම්බර් මස තත්ත්වය හා සැසඳීමේදී සියයට 0.1කින් පහළ ගොස් තිබේ. 

පසුගිය ඔක්තෝබර් මාසයේ චීන ආර්ථීකය ස්ථීර ලෙස පුනරුත්ථාපනය වෙමින් පැවතිණ. ප්‍රධාන ආර්ථීක දර්ශක ප්‍රශස්ත තත්ත්වයකට පත්වී ආර්ථික ක්‍රියාකාරීත්වය ස්ථාවර වූ බවද එහිදී ප්‍රකාශ කෙරිණ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම