චීනය හා ඇමරිකාව දේශගුණ විපර්යාස අර්බුදය නිරාකරණයට අදාළ ද්විපාර්ශ්වික සහයෝගතාව ශක්තිමත් කරයි
2023-11-15 11:42:59
Share with:

චීනය හා ඇමරිකාව දේශගුණ විපර්යාස අර්බුදය නිරාකරණය වෙනුවෙන් ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීමේ නිවේදනයක් නිකුත් කරයි.

“හිරු ආලෝකයේ භූමිය” නම් එම නිවේදනය දෙරටේ රාජ්‍ය නායකයන් ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වූ හමුව සිහි කරමින් අවධාරණය කළේ චීනය හා ඇමරිකාව සෙසු රටවල් සමග එක්ව දේශගුණ විපර්යාස අර්බුදය නිරාකරණය සඳහා පොදුවේ උත්සාහ දරන බවයි. පැරිස් ගිවිසුම සහ ඊට අදාළ තීරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමටත්,“21වැනි සියවසේ 20 දශකයේ දේශගුණ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමේ කාර්ය කණ්ඩායම”බලාත්මක කිරීමටත්, චීනය හා ඇමරිකාව එකඟ වී ඇතැයි එම නිවේදනය පවසයි. වසර 2030 වන විට ගෝලීය පුනර්ජනනීය බලශක්ති ස්ථාපිත ධාරිතාව තුන් ගුණයකින් වැඩි කිරීමට උත්සාහ කරන බව ජී-20 නායකයන්ගේ ප්‍රකාශයේ සඳහන් වේ. එම ප්‍රකාශයට සහය දෙමින් චීනය හා ඇමරිකාව දෙරටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කරනු ඇත. ද්විපාර්ශ්වික බලශක්ති ප්‍රතිපත්ති හා උපාය මාර්ගය සම්බන්ධයෙන් යළි සාකච්ඡා ආරම්භ කිරීමට චීනය හා ඇමරිකාව බලාපොරොත්තු වන බව ද“හිරු ආලෝකයේ භූමිය”නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම