තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් බෙදුම්වාදී ස්ථාවරය අත්හැරිය යුතුයි--චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය
2023-11-15 14:59:51
Share with:

තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් බෙදුම්වාදී ස්ථාවරය අත්හැරීම මගින් පමණක් තායිවාන ස්වදේශිකයින්ට සාමකාමී සහ ප්‍රීතිමත් ජීවිතයක් අත්විඳිය හැකි බව ප්‍රකාශ කෙරේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශිකා ජූ ෆෙංල්‍යන් මහත්මිය එලෙස පැවසුවේ අද(15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

තායිවාන ප්‍රදේශයේ ‘නිදහස’ හා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ආරක්ෂා කිරීමේදී ප්‍රමුඛතම කාර්යය වන්නේ ස්වයං ආරක්ෂණ හැකියාව ශක්තිමත් කිරීම බවට එම ප්‍රදේශයේ පාලිකා ට්යි යිංවෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශය පිළිබඳවත් එම ප්‍රදේශයේ 2024 වසරේ ‘ආරක්ෂක පිරිවැය’ ඉහළ නැංවීම පිළිබඳවත් එහිදී එම මාධ්‍යවේදියා විමසුවේය.

තායිවාන ප්‍රදේශයේ ‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂය’, ‘නිදහස’ හා ‘ප්‍රජාතන්ත්‍රවාදය’මුවාවෙන් එම ප්‍රදේශයේ ජනතා ශ්‍රමයෙන් ඉපැයූ මුදල් අවභාවිත කරමින් එමගින් සන්නද්ධ බලකාය ශක්තිමත් කිරීමෙන් තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වය ඉටු කිරී‍මට උත්සාහ  කළ බව ජූ ෆෙංල්‍යන් මහත්මිය පෙන්වා දෙයි. එය තායිවාන ප්‍රදේශය අවි ගබඩාවක් බවට පත් කිරීමේ දැඩි අවදානම් සහිත ප්‍රයත්නයකි. එවන් ක්‍රියාවන් ඔස්සේ සිදු වන්නේ තායිවාන ප්‍රදේශය විනාශයට පත්වීම මිස සුරක්ෂිත බව තහවුරු වීම නොවන බව පැහැදිලිය. තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් බෙදුම්වාදී ස්ථාවරය අත්හැරීම මගින් පමණක් තායිවාන ප්‍රදේශයට සුබදායී අනාගතයක් දැක ගත හැකි වන අතර එහි ස්වදේශිකයින්ට සාමකාමී සහ ප්‍රීතිමත් ජීවිතයක්  අත්විඳිය හැකි වන බව ද ඇය අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම