පලස්තීන-ඊශ්‍රායල ගැටුමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 12700 ඉක්මවයි
2023-11-15 14:29:47
Share with:

මෙවර පලස්තීන ඊශ්‍රායල ගැටුම් හට ගැනීමෙන් පසු ගාසා තීරයේ පුද්ගල මරණ සංඛ්‍යාව 11320ක් දක්වා වැඩි වී ඇති බව Hamas මාධ්‍ය කාර්යාලය ඊයේ(14) ප්‍රකාශ කළේය. ඊශ්‍රායල රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව ඊශ්‍රායල ජාතිකයන් 1200ක් ද මිය ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 12700කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ උතුරු ප්‍රදේශය අත්පත් කර ගෙන ඇති බව ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා ඊයේ(14) ප්‍රකාශ කළේය. මේ අනුව ගාසා තීරයේ උතුරු ‍ප්‍රදේශයේ පාලනය Hamas සංවිධානයට අහිමිව තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම