සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට විශේෂ අවධානය
2023-11-15 16:05:22
Share with:

2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් වෙනුවෙන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීම සඳහා රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම