චීන පෞද්ගලික සමාගම් ලියාපදිංචිය අඛණ්ඩව ඉහළට
2023-11-14 18:46:12
Share with:

චීන ව්‍යාපාරික ආයතනයන් අතරින් සියයට 92ක් පෞද්ගලික ආයතන  බව චීන වෙළඳපොල  නියාමන රාජ්‍ය පරිපාලනය පවසයි.සැප්තැම්බර් මස අග වනවිට චීනයේ ලියාපදිංචි පෞද්ගලික සමාගම් සංඛ්‍යාව මිලියන 52ක ඉක්මවා ගොස් තිබේ. ජාත්‍යන්තර සංකීර්ණ පරිසරය සහ දේශීය ආර්ථිකයේ පීඩනයේ මධ්‍යයේ වුවද චීන පෞද්ගලික  සමාගම්වල අඛණ්ඩ වර්ධනය ඉන් පිළිබිඹු වෙයි.ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේ දී නව සමාගම් මිලියන 7කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ.එහි වර්ධනය සියය‍ට 15.3කි.මුල් කාර්තු තුන තුළ තනි පුද්ගල ව්‍යාපාර ආරම්භ කිරීමද සියයට 11.7කින් වැඩි වී ඇත.

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම