චීන ජනාධිපතිවරයාගේ ඇමරිකා නිල සංචාරය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයෙන් මහ පරිමාණ වාර්තාකරණ ක්‍රියාදාමයක්
2023-11-14 15:01:48
Share with:

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතාගේ ආරාධනයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ. අද (14) සිට 17 වැනිදා දක්වා කාලය තුළදී දෙරටේ රාජ්‍ය නායක හමුවට මෙන්ම සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. එම සංචාරය පිළිබඳ වාර්තාකරණ කටයුතු වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ  වාර්තාකරණ මධ්‍යස්ථානයක් සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර විවෘත කර ඇත. චීන මාධ්‍ය සමූහයේ බෙයිජිං මූලස්ථානය, උතුරු ඇමරිකානු මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානය සහ CGTN උතුරු ඇමරිකානු ශාඛාවේ වාර්තාකරුවෝ 180කට අධික සංඛ්‍යාවක් ඊට එක්ව සිටිති. චීන මාධ්‍ය සමූහයේ ගුවන්විදුලි සේවා, රූපවාහිනී සේවා සහ නව මාධ්‍යවල ඒකාබද්ධ සන්නිවේදන අවකාශයන් සහ භාෂා 68 ක සන්නිවේදන පහසුකම් හරහා ගෝලීය වශයෙන් එම වාර්තාකරණය පුළුල් ලෙස සිදු කෙරෙනු ඇත.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම