මානුෂීය සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමය ඊශ්‍රායලයෙන් සහ පලස්තීනයෙන් ඉල්ලයි
2023-11-14 11:16:54
Share with:

13 වැනිදා යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන්ගේ දෙදින රැස්වීම බ්‍රසල්ස් නුවරදී ආරම්භ විය. මෙම රැස්වීමේදී පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරිණ.

ජනතාවට ජලය, ඉන්ධන, ආහාර සහ අනෙකුත් ආධාර සැපයීම සඳහා මානුෂීය සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කර මානුෂීය කොරිඩෝවක් ස්ථාපිත කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටින බව රැස්වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත Jose Borrell මහතා කියා සිටියේය. එමෙන්ම සංයමයෙන් කටයුතු කරන ලෙසත් අඛණ්ඩ ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසත් යුරෝපා සංගමය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම