බ්‍රිතාන්‍යයේ නව විදේශ ලේකම් ලෙස හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පත් කෙරේ
2023-11-14 09:14:28
Share with:

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂි සුනක් මහතා නව විදේශ ලේකම්වරයා ලෙස හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා පත් කර ඇත. ඊයේ (13) සිදු කළ කැබිනට් සංශෝධනය අතරතුර මෙම පත් කිරීම සිදු කර ඇත.

මේ අනුව Suella Braverman වෙනුවට නව ස්වදේශ කටයුතු ලේකම් ලෙස පත් වූ James Cleverly ගෙන් පසු කැමරන් පත් වේ. සංක්‍රමණ ප්‍රතිපත්ති සහ මෑතකාලීන විරෝධතාවලදී ආරක්ෂක ක්‍රියාමාර්ග විවේචනය කිරීම සම්බන්ධයෙන් Suella Braverman දැඩි විවේචනයට ලක් විය.

එමෙන්ම බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ලෝඩ්ස් මණ්ඩලයට ද කැමරන් පත් කෙරෙන බව රජය පවසා ඇත. ඩේවිඩ් කැමරන් මහතා 2010 සහ 2016 අතර කාලයේ බ්‍රිතාන්‍ය රජයට නායකත්වය ලබා දුන්නේය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ජනමත විචාරණයකින් පසුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම