තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර ආර්ථික හුවමාරු හා සහයෝගතා පුළුල් කිරීමේ වැදගත්කම චීන ජනපති පෙන්වා දෙයි
2023-11-14 14:20:00
Share with:

  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2023 තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ව්‍යවසායකයින්ගේ සම්මේලනයේ 10 වැනි සාංවත්සරික සමුළුවට සුබ පැතුම් පිරිනමයි.

එම සම්මේලනය තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ව්‍යාපාරික, කාර්මික හා වාණිජ ක්ෂේත්‍රවල පුද්ගල හුවමාරු හා සහයෝගතාවන් පිළිබඳ වැදගත් වේදිකාවක් බවත් දෙපස ආර්ථික සහයෝගතාව ප්‍රවර්ධනය කරමින් සම්මිශ්‍රණ සංවර්ධනය සඳහා එය වැදගත් කාර්යභාර ඉටු කළ බවත් ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. එම සම්මේලන යාන්ත්‍රණය තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ව්‍යාපාරික, කාර්මික හා වාණිජ පර්ෂද අතර සමගියට ඉවහල් වන අන්දම‍ට කටයුතු කරමින් චීන ජාතික ආර්ථිකය, චීන ස්වදේශිකයින්ගේ සුබසෙත හා මව්රටේ එක්සත්වීම වෙනුවෙන් නව දායකත්වයක් ලබා දීම‍ට හැකි යැයි බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

 තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර ආර්ථික හුවමාරු හා සහයෝගතා පුළුල් කිරීමෙහි ද විවිධ ක්ෂේත්‍රවල සම්මිශ්‍රණ සංවර්ධනය ගැඹුරු කිරීමෙහි ද නිරත විය යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.   එසේම තායිවාන ස්වදේශිකයින්ගේ සුබසාධන ක්‍රමය හා අදාළ ප්‍රතිපත්ති පරිපූර්ණ කිරීමටත් තායිවාන ව්‍යාපාර රටේ නව සංවර්ධන ව්‍යුහයට සම්බන්ධ කරමින් ඔවුන්ගේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉටු කිරීමට සහාය වීමටත් කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කරයි.

රටේ එක්සත්භාවය හා ජාතික පුනර්ජීවනය පිළිබඳ දැවැන්ත ව්‍යායාමය සඳහා තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ව්‍යවසායකයින් ඉතිහාසයේ වගකීම් භාර ගෙන දේශප්‍රේමී හැඟීමෙන් යුක්තව, දෙපස සම්බන්ධතාවයේ සාමකාමී සම්මිශ්‍රණ වර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම