《Hello!China》 වැඩසටහන ඉන්දුනීසියාවේ විකාශය කිරීම ඇරඹේ
2023-11-14 19:52:38
Share with:

චීන මාධ්‍ය සමූහය හා ඉන්දුනීසියා Nusantara රූපවාහිනි සේවය විසින් ඒකාබද්ධව නිෂ්පාදනය කරන ලද 《Hello!China》 වැඩසටහන අද(14) නිල වශයෙන් විකාශය කෙරේ. චීන මාධ්‍ය සමූහයේ උප අධ්‍යක්ෂ ජනරාල් Hu Jinjun මහතා හා ඉන්දුනීසියා Nusantara රූපවාහිනි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් Nurdin Tampubolon මහතා එම වැඩසටහන විකාශය කිරීම ආරම්භ කිරීමේ උත්සවයේ මුලසුන දරමින් දේශන සිදු කළහ.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ 10 වැනි සාංවත්රික වසර  මෙම වසර බව චීන මාධ්‍ය සමූහයේ උප අධ්‍යක්ෂ ජනරාල් Hu Jinjun මහතා එහිදී පැවසීය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ සහභාගිවන්නෙකු, සාක්ෂිකරුවෙකු සහ ප්‍රකාශකයෙකු ලෙස චීන මාධ්‍ය සමූහය ඉන්දුනීසියා මාධ්‍ය සමග තිරසරව යහපත් සහයෝගිතා සබඳතාවන් පවත්වා ගෙන තිබේ. 《Hello!China》යන වැඩසටහන ඔස්සේ වැඩිපුර ඉන්දුනීසියා ජාතිකයන් නව යුගයේ චීනය හා චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධ කර ගනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය.

2019 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සමග Nusantara රූපවාහිනි සේවය ඵලදායික සහයෝගිතා පවත්වා ඇති බව Nusantara රූපවාහිනි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් Nurdin Tampubolon මහතා එහිදී කීය. චීන මාධ්‍ය සමූහය සමග ප්‍රායෝගික සහයෝගිතා ශක්තිමත් කරමින් දෙරටේ ජනතාව අතර මිතුදම හා අන්‍යෝන්‍ය අවබෝධය වෙනුවෙන් සක්‍රීය දායකත්වය දැරීමට හැකි වෙතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම