මේ වසරේ 4 වැනි කාර්තුවේ චීන ආර්ථිකය යහපත් ප්‍රවණතාවක
2023-11-14 18:41:22
Share with:

30 වැනි APEC සංවිධානයේ මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුව ඇමරිකාවේ San Francisco නගරයේ දී පසුගිය 12 වනදා සිට 13 වනදා දක්වා පැවැත්විණ. ගෝලීය හා කලාපීය ආර්ථික හා මූල්‍ය තත්ත්වය, තිරසර මූල්‍ය, ඩිජිට‍ල් දේපළ ඇතුළු තේමා එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. වත්මන් ලෝක ආර්ථික පුනරුත්ථාපනය අස්ථීර තත්ත්වයක පවතින අතර තිරසර සංවර්ධනය බොහෝ අසීරුතා හා අභියෝගවලට මුහුණ දෙන බව චීන මුදල් අමාත්‍ය Lan Foan මහතා එහිදී පැවසීය. විවිධ පාර්ශ්ව සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ප්‍රවර්ධනය කරමින් විවෘත ආසියා-ශාන්තිකර හා ගෝලීය ආර්ථිකය ඒකාබද්ධව ස්ථාපිත කළ යුතු ය. මෙම  වසර තුළ චීන ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත් වෙමින් 4 වැනි කාර්තුවේ චීන ආර්ථිකය තවදුරටත් යහපත් ප්‍රවණතාව පවතිනු ඇති බවට ඇස්තමේන්තු කරන බව Lan Foan මහතා කීය. චීනය තවමත් ගෝලීය ආර්ථික වර්ධනයට වැදගත් එන්ජීම බවට පත්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම