චීනය නේපාලයට Lizi දේශසීමා දොරටුව විවෘත කරයි
2023-11-14 10:50:22
Share with:

චීනය නේපාලය වෙත Lizi දේශසීමා දොරටුව නිල වශයෙන් විවෘත කරයි.

Zhangmu, Burang හා Gyirong දේශසීමා දොරටු විවෘත කිරීමෙන් පසු චීන ටිබෙට් ස්වායත්තයේ විවෘත කෙරෙන 4 වැනි ගොඩබිම් දේශසීමා පිවිසුම මෙයයි. 

ටිබෙට් ස්වායත්තයේ මුහුදු මට්ටමේ සිට ඉහළින්ම පිහිටි දේශසීමා දොරටුවක් වන එය, චීන - නේපාල දෙරටේ ලුණු හා ධාන්‍ය හුවමාරු කිරීමේ ඓතිහාසික මධ්‍යස්ථානයකි. 2017 වසරේ එය ජාතික දේශසීමා දොරටු විවෘත කිරීමේ සැලසුමට ඇතුළත් වූ අතර, 2019 වසරේ චීන රාජ්‍ය මණ්ඩලය විසින් එය අනුමත කෙරිණ. Lizi දේශසීමා දොරටුවේ ඉදිකිරීම් ආරම්භයේ සිට මේ දක්වා එහි සමස්ත ආයෝජනය චීන යුආන් මිලියන 400 කි. ආනයන භාණ්ඩ පරීක්ෂණ කලාපය, හදිසි රේගු සහතික කිරීමේ මධ්‍යස්ථානය ඇතුළු ව්‍යාපෘති 23 ක් මෙහිදී ඉදි කර ඇත. පසුගිය සැප්තැම්බර් 19 වැනිදා එම ව්‍යාපෘතියට අදාළ රජයේ පරීක්ෂණය ද සමත් වී තිබේ.

දකුණු ආසියානු විවෘත කොරිඩෝව, Himalaya ප්‍රදේශයේ ආර්ථික සහයෝගිතා තීරය ගොඩනැගීම මෙන්ම චීන-නේපාල දෙරටේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ඒකාබද්ධ ඉදිකිරීම් යන සියලු ව්‍යාපෘතිවල සාර්ථකත්වයට Lizi දේශසීමා දොරටුව විවෘත කිරීමෙන් මනා පිටුබලයක් සැපයෙනු ඇත.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම