මැදපෙරදිග න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීමට උත්සාහ දරන්නැයි චීනය ඉල්ලා සිටී
2023-11-14 09:38:35
Share with:

න්‍යෂ්ටික අවිවලින් තොර මැදපෙරදිග කලාපයක් පිහිටුවීම සඳහා ඉහළ සහයෝගයක් ලබාදෙන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඊයේ (13) මේ බව කියාසිටියේ, න්‍යෂ්ටික අවි සහ සෙසු පුළුල් විනාශකාරී ආයුධවලින් තොර මැදපෙරදිග කලාපයක් පිහිටුවීම පිළිබඳ සමුළුවේ සිව්වන සැසිවාරයේ දී අදහස් දක්වමිනි.

වර්තමානයේ පවතින තත්ත්වය අනුව, මැදපෙරදිග සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයමින්, කලාපීය අන්තර් සංහිඳියාව සහ සහයෝගිතා තහවුරු කිරීමට කඩිනම් පහසුකම් සැලසිය යුතු බව හෙතෙම පෙන්වාදෙයි. එහිදී න්‍යෂ්ටික අවි නොමැති මැදපෙරදිග කලාපයක් පිහිටුවීමට ජාත්‍යන්තර ප්‍රජාව වැඩි උත්සාහයක් ගත යුතු බව Geng Shuang මහතා අවධාරණය කළේය.

න්‍යෂ්ටික අවි සහ සෙසු දරුණු විනාශකාරී ආයුධ කලාපීය සාමය සහ ස්ථාවරත්වය යටපත් කරමින්, මැදපෙරදිග විශ්වාසය කඩ කරන ප්‍රධාන සාධකයක් වී ඇත.  

 චීනය සෑමවිටම න්‍යෂ්ටික අවි සහ සෙසු පුළුල් විනාශකාරී ආයුධවලින් තොර මැදපෙරදිග කලාපයක් පිහිටුවීමට සහාය දෙයි. එසේම මෙම පියවර විනාශකාරී ආයුධ ව්‍යාප්තිය මැඩපැවැත්වීමටත්, ජාත්‍යන්තර අවි නිර්ව්‍යාප්ති පාලන තන්ත්‍ර අධිකාරිය සහ එහි කාර්යක්ෂමතාව ආරක්ෂා කිරීමටත්, ආයුධ සහ ගැටුම් අවදානම අඩු කිරීමටත් උපකාරී වනු ඇතැයි චීනය විශ්වාස කරන බව ද Geng Shuang මහතා පැවසීය. 

එමගින් දිගුකාලීන කලාපීය සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා වැදගත් යාන්ත්‍රණයක් සැපයෙනු ඇතැයි ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම