අපනයනය පදනම් කර ගත් ස්ට්‍රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය
2023-11-14 17:07:05
Share with:

අපනයනය පදනම් කර ගත් ස්ට්‍රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවෙයි.

දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට මෙලෙස අනුමැතිය දී තිබේ.

මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් වලින් හෙක්ටාර් එකක් පළමු අදියර යටතේ  දීමට එකඟත්වය පළ කෙරිණ. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි බව අමාත්‍යාංශය කියයි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම