විවෘතභාවය, සහයෝගිතාව හා සංවර්ධනය වෙනුවෙන් ආසියා-පැසිෆික් කලාපයේ සියලු රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන චීන ජනපති
2023-11-14 21:13:43
Share with:

චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් පසු එක් වූ පළමු කලාපීය ආර්ථික සහයෝගිතා සංවිධානය වන්නේ එපෙක් සංවිධානයයි. 2013 වසරේ සිට මේ දක්වා එපෙක් සංවිධානයේ විවිධ අවස්ථාවලදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් හවුලක් ගොඩ නැගීමේ සංකල්පය පහදා දී ඇත. චීනය සිය සංවර්ධනය මගින් ආසියා-පැසිෆික් කලාපයේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට දායක විය යුතු බව හෙතෙම අවධාරණය කර තිබේ. විවෘත හා  ඉවසිලිවන්තභාවය ,නවොත්පාදන සංවර්ධනය, අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය , සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය පදනම් කරගෙන විවිධ පාර්ශ්වයන් එකතු වී පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් හවුලක් ගොඩ නැගීමේ වැදගත්කම ද ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

චීන ජනාධිපතිවරයා ප්‍රථමයෙන් එපෙක් සමුළුවකට සහභාගීවූයේ 2013 වසරේ ඔක්තෝබර් මාසයේදී ය. ඒ, ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවති එපෙක් කාර්මික හා වාණිජ නායකයන්ගේ සමුළුවේදී ය. එතැන් සිට මේ දක්වා එපෙක් සංවිධානයේ විවිධ සමුළුවලට හෙතෙම එක් වෙමින් පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් හවුල පිළිබඳ සංකල්පය පහදා දී ඇත. විවෘතභාවය, සහයෝගිතාව හා සංවර්ධනයේ වැදගත්කම හෙතෙම නැවත නැවත අවධාරණය කරයි. විවෘතභාවය, සහයෝගිතාව හා සංවර්ධනය වෙනුවෙන් ආසියා-පැසිෆික් කලාපයේ සියලු රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

2021 වසරේ චීනය එපෙක් සංවිධානයට එක් වී වසර 30ක් සැපිරිණ. එම කාල වකවානුව තුළ චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කරමින් ආසියා-‍පැසිෆික් රටවල් සමග ආර්ථික සහයෝගිතා අඛණ්ඩව වර්ධනය කර තිබිණ.චීනයේ සංවර්ධනය ආසියා-‍පැසිෆික් කලාපයෙන් වෙන් විය නොහැක. එ‍මෙන් ම ආසියා-‍පැසිෆික් කලාපයේ සමෘද්ධියට චීනය නැතුවම බැරි ය. මේ වන විට 2040 වසරේ “ආසියා-‍පැසිෆික් හවුල” ගොඩ නැගීමේ ඉලක්කය එපෙක් සංවිධානය සකස් කර ඇත. මෙය චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් හවුලක් ගොඩ නැගීමේ සංකල්පය හා සමාන බව අමුතුවෙන් කිව යුතු නැත.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම