ගාසා තීරයේ පිහිටි කටාර්හි ගාසා ප්‍රතිසංස්කරණ කොමිසමේ මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
2023-11-14 14:54:27
Share with:

ගාසා තීරයේ පිහිටි කටාර්හි ගාසා ප්‍රතිසංස්කරණ කොමිසමේ මූලස්ථානයට ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර ඇත. ඊයේ(13) සිදු වූ එම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් කටාර් ‍විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කළේය.  ඊශ්‍රායලය ගාසා තීරයේ සිවිල් පහසුකම්, සෞඛ්‍ය සේවා සපයන ආයතන ඉලක්ක කරමින් එල්ල කරන බෝම්බ ප්‍රහාර වහාම නතර කරන ලෙස ද එම නිවේදනයෙන් ඉල්ලීමක් කර ඇත.

ජෝර්දානය, සෞදි අරාබිය, කුවේට් රාජ්‍යය, ඕමානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය ද නිවේදන නිකුත් කරමින් මෙම සිද්ධිය හෙළා දැක ඇත. නමුත් ඊශ්‍රායලය මේ වනවිටත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

2012 වසරේ ඔක්‍‍තෝබර් මාසයේ කටාර් රාජ්‍යය ගාසා තීරයට ඇ.ඩො. මිලියන 400ක ආධාර ලබා දෙන බව ප්‍රකාශ කළේය. අදාළ ආධාර සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ගාසා නගරය මූලස්ථානය කර ගනිමින් ‘කටාර්හි ගාසා ප්‍රතිසංස්කරණ කොමිසම’ ස්ථාපිත කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම