ගාසා තීරයේ රෝහල් පහසුකම් තවදුරටත් අයහපත් අතට
2023-11-13 14:20:56
Share with:

ගාසා තීරයේ රෝහල් පහසුකම් තවදුරටත් අයහපත් අතට හැරේ. මේ වනවිට එහි රෝහල් 2කින් පමණක් වෛද්‍ය සේවා සැපයේ.  

al-Shifa රෝහල හා Indonesia රෝහල හැර එහි සෙසු රෝහල්වල වෛද්‍ය සේවා අත්හිටුවා ඇති බව ගාසා තීරයේ රෝහල් ප්‍රධානියා උපුටා දක්වමින් Al Arabiya රූපවාහිනිය  අද(13) වාර්තා කළේය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හා ලෝක සෞඛ්‍ය සංවිධානය යන සංවිධානවල කලාපීය ප්‍රධානීහු ඊයේ(12) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළහ. හදිසි ජාත්‍යන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ගාසා තීරයේ රෝහල් වෙත අඛණ්ඩව සිදු කෙරෙන ප්‍රහාර නතර කරන ලෙස ඔවුන් නිවේදනය මගින් ඉල්ලීමක් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, ඔක්තෝබර් 7වැනි දා සිට ඊයේ(12) දක්වා, ගාසා තීරයේ වෛද්‍ය පහසුකම්වලට අවම වශයෙන් ප්‍රහාර 137ක් එල්ල වී ඇත. ඉන් පුද්ගලයෝ 521ක් මිය ගිය අතර, 686ක් තුවාල ලැබූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම